%E0%B6%B8%E0%B7%9A%E0%B7%80%E0%B6%BB+IPL+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B7%80%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8F%E0%B6%9A%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%87%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+05+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
Friday, 12 January 2018 - 18:29
මේවර IPL වෙන්දේසියේ වැඩි වටිනාකමක් ඇති ක්‍රීඩකයින් 05 මෙන්න (ඡායාරූප)
32

Shares
3,949

Views
ඉන්දීය ප්‍රිමිය ලීග් ක්‍රිකට් තරඟාවලියේ මේ වසරේ වෙන්දේසිය ලබන 27 සහ 28 යන දෙදින තුළදී පැවැත්වීමට සැලසුම්කර තිබෙනවා.

මෙවර වෙන්දේසියට ඉදිරිපත් වී සිටින ක්‍රීඩකයන් අතරින් වැඩිම මිලක් හිමිවනු ඇතැයි අපේක්ෂා කරන සුපිරි ක්‍රීඩකයන් පස් දෙනෙකු පිළිබඳව ඉන්දීය මාධ්‍ය මේ දිනවල කතාබහ කරනවා.

ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ක්‍රිස් ලීන් මෙම ක්‍රීඩකයින් 05 දෙනා අතර ප්‍රමුඛ තැන හිමිකරගෙන සිටින ක්‍රීඩකයෙක්.

ඔහු මේ වන විට ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන බිග් බෑෂ් 20-20 තරඟාවලිය තුළ ඔහක දක්ෂතා අතර සිටින ක්‍රීඩකයෙක් වනවා.

නවසීලන්ත කණ්ඩායමේ ප්‍රහාරාත්මක පිතිකරුවෙක් වන කොලින් මුන්රෝ ද මෙම ක්‍රීඩකයින් 05 දෙනා අතර සිටින බවයි වාර්තා වන්නේ.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් මේ වන විට එක්දින සහ 20-20 තරඟ පමණක් නියෝජනය කර ඇති එවින් ලුවිස් ද මෙම ක්‍රීඩකයින් අතර ඇතුළත්.

26 වන වියේ පසුවන එවින් ලුවිස් පිටිය තුල දැවැන්ත පහරවල් එල්ල කරන ක්‍රීඩකයෙක් ලෙස ප්‍රසිද්ධයි.

ඇෆ්ගනිස්ථානයේ නැගී එන ක්‍රීඩකයෙක් වන රෂිඩ් ඛාන් ද මෙවර අයි.පී.එල් වෙන්දේසියේදී වැඩිම මිලක් හිමිවනු ඇතැයි අපේක්ෂා කරන ක්‍රීඩකයෙක්.

පා දඟ පන්දු යවන්නෙක් වන මොහු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සංවිධානය වන ප්‍රිමිය ලීග් තරඟාවලි සඳහා වැඩි ඉල්ලුමක් පවතින ක්‍රීඩකයින් අතර  මුල් තැනක් හිමිකරගෙන සිටිනවා.

ඉන්දීය කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පන්ඩයාගේ වැඩිමල් සහෝදරයා වන කෘනාල් පන්ඩයාටද මෙවර වෙන්දේසියේදී වැඩි මිලක් හිමිවෙතයි ඉන්දීය මාධ්‍ය ව්ශ්වාස කරන අතර පසුගිය අයි.පී.එල් තරඟාවලියේදී මුම්බාබ්යි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කරමින් මොහු ඉහළ දක්ෂතා අතරට පැමිණියා.  

ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් පවසන්නේ මේවර අයි.පී.එල් තරඟාවලිය තුලදී මෙම ක්‍රීඩකයින් වෙනසක් සිදුකරනු ඇති බවයි.

ක්‍රිස් ලීන්



කොලින් මුන්රෝ

 
එවින් ලුවිස්



රෂිඩ් ඛාන්



කෘනාල් පන්ඩයා

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE