%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+-+%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%85%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B6%A7%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
Saturday, 13 January 2018 - 16:25
ඉන්දියා - දකුණු අප්‍රිකා දෙවන ටෙස්ට් ගැටුම ඇරඹේ
19

Shares
2,350

Views
සංචාරක ඉන්දීය කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර දෙවන ටෙස්ට් තරඟය අද (13) සෙන්චූරියන් හිදී ආරම්භ වුණා.

තරඟයේ කාසිය වාසිය දිනාගැනීමෙන් අනතුරුව දකුණු අප්‍රිකානු අප්‍රිකානු නායක ෆෆ් ඩූප්ලසි තීරණය කළේ පළමුව පන්දුවට පහර දීමටයි.

ඉන්දීය කණ්ඩායම අද තරඟය සඳහා එක්වන්නේ වෙනස්කම් රැසක් ද සමඟින්.

දෙරට අතර පැවති පළමු තරංගය සඳහා ක්‍රීඩා කළ ශිකර් ධාවන් මෙම තරඟයට එක් නොවන අතර ඔහු වෙනුවට ලෝකේශ් රාහුල් කණ්ඩායමට එක්කරගෙන තිබෙනවා.

පළමු තරඟයේදී ඉන්දීය කණ්ඩායමේ කඩුලු රකින්නා ලෙස කටයුතු කළ විරීදීමන් සහා අද කණ්ඩායමෙන් ඉවත් කර කඩුලු රකින්නා ලෙස පාතිව් පටෙල් කණ්ඩායමට කැඳවා ඇති අතර වේග පන්දු යවන ක්‍රීඩක බුවනේශ්වර් කුමාර් වෙනුවට ඉෂාන්ත් ශර්මාට කණ්ඩායමේ ස්ථානයක් හිමිව තිබෙනවා.  

මේ අතර දකුණු අප්‍රිකානු කණ්ඩායමේ  වේග පන්දු යවන ක්‍රීඩක ඩේල් ස්ටේන් අද තරඟයට ක්‍රීඩා කරන්නේ නැහැ.

ඔහු වෙනුවට නවක ක්‍රීඩක ලුන්ගි එන්ගිඩී දකුණු අප්‍රිකාව වෙනුවෙන් අද ටෙස්ට් වරම් හිමිකර ගත්තා.

ලුන්ගි එන්ගිඩී මේ වන විට දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කර ඇත්තේ පන්දුවාර 20 තරඟ 03ක් පමණයි.

එහිදී ඔහු දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 06ක්.

පළමු දිනයේ දිවා ආහාරය සඳහා තරඟය නතරකරන විට දකුණු අප්‍රිකාව කිසිවෙකු නොදැවී ලකුණු 78ක් රැස් කරගෙන සිටියා.

දකුණු අප්‍රිකානු ආරම්භ පිතිකරු අයිඩන් මාක්රම් සිය දෙවන ටෙස්ට් අර්ධ ශතකය රැස් කිරීමට සමත් වුණා.

දෙරට අතර පැවති පළමු ටෙස්ට් තරඟය ලකුණු 72කින් ජය ගැනීමට දකුණු අප්‍රිකාව සමත් වුණා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE