තුන්කොන් තරඟාවලියේදී ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අමාරුවේ දාන්න සැලසුම් හදන හතුරුසිංහ ළඟ සිටි පුද්ගලයා

Sunday, 14 January 2018 - 17:13

%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9A%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B7%84+%E0%B6%B6%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B7%84%E0%B6%AF%E0%B6%B1+%E0%B7%84%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84+%E0%B7%85%E0%B6%9F+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%8F
ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර ආරම්භ වීමට නියමිත තුන්කොන් තරඟාවලිය තුලදී සිම්බාබ්වේ කණ්ඩායම පැහැදිලි වෙනසක් කරනු ඇතැයි සිම්බාබ්වේ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු පවසනවා.

සිම්බාබ්වේ ප්‍රධාන පුහුණුකරු හීත් ස්ට්‍රික් පවසන්නේ ශ්‍රී ලංකාව සමඟ පසුගිය ජුලි මාසයේදී පැවති එක්දින තරඟාවලිය තරඟ තුනට දෙකක් ලෙස ජය ගැනීමත් සමඟ තම කණ්ඩායම ඉහළ මානසික මට්ටමක සිටින බවයි.

ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් වල  සිම්බාබ්වේ කණ්ඩායම 10 වන ස්ථානයේ රැඳී සිටින අතර ශ්‍රී ලංකාව එහි 08වන ස්ථානයේත් බංග්ලාදේශය 07වන තැනත් පසුවනවා.

සිම්බාබ්වේ ප්‍රධාන පුහුණුකරු පවසන්නේ තම කණ්ඩායමට ජාත්‍යන්තර එක්දින ශ්‍රේණිගත කිරීම් වල තවත් ඉදිරියට පැමිණිය හැකි බවයි.

ශ්‍රී ලංකාව සමඟ පැවති එක්දින තරඟාවලියෙන් පසු තම කණ්ඩායමට ක්‍රීඩා කිරීමට එක්දින තරඟ එතරම් නොලැබීම ශ්‍රේණිගත කිරීම් වල ඉදිරියට නොපැමිණීමට බලපෑ බවයි ඔහු පවසන්නේ.

චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක්වීමට ගත් තීරණය නිවැරදි තීරණයක් බවද හීත් ස්ට්‍රික් වැඩිදුරටත් පවසනවා.

හීත් ස්ට්‍රික් මීට පෙර හතුරුසිංහ යටතේ බංග්ලාදේශ කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙසින් කටයුතු කරනු ලැබුවා.

මෙම තුන්කොන් තරඟාවලිය ජය ගැනීමට හොඳ සැලසුම් අවශ්‍ය බවත් එම සැලසුම් නීයමිත අයුරින් ක්‍රියාත්මක කළ යුතු බවයි හීත් ස්ට්‍රික් පවසන්නේ.