IPL ක්‍රීඩකයින් සඳහා වන ආරම්භක වෙන්දේසි මුදල ප්‍රකාශයට

Monday, 15 January 2018 - 7:41

IPL+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B3%E0%B7%84%E0%B7%8F+%E0%B7%80%E0%B6%B1+%E0%B6%86%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B7%E0%B6%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A%E0%B7%83%E0%B7%92+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%A7
මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ වෙන්දේසියට ඉදිරිපත් කර ඇති ක්‍රීඩකයින් සඳහා වන ආරම්භක වෙන්දේසි මුදල ඊයේ (14) ප්‍රකාශයට පත් කළා.

ඒ අනුව ක්‍රීඩකයින් 36 දෙනෙකු වෙන්දේසි කිරීම ආරම්භ කිරීමට නියමිත මුදල ශ්‍රී ලංකා රුපියල් කෝටි හතර හමාරකට ආසන්නයි.

මෙම කාණ්ඩයට ඇතුළත් විදෙස් ක්‍රීඩකයින් සංඛ්‍යාව 23ක්.

ඒ අතරට ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් ද ඇතුළත්.

අයි.පී.එල්. තරඟාවලිය ආරම්භයේ සිටම මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩකයෙකු වූ ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංග මෙවර ක්‍රීඩක වෙන්දේසියට ඉදිරිපත් කිරීම විශේෂත්වයක්.

ඒ අනුව ඔහු කාණ්ඩගත කොට ඇති ආරම්භක වෙන්දේසි මුදල ශ්‍රී ලංකා රුපියල් කෝටි දෙකහමාරකට ආසන්න වනවා.

2018 අයි.පී.එල්. තරඟාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ලබන 27 සහ 28 යන දිනවල බැංගලෝරයේදී පැවැත්වීමට නියමිතයි.

ඒ සදහා ක්‍රීඩකයින් 1122 දෙනෙක් ඉදිරිපත් කර ඇති අතර, ඊට ඇතුළත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සංඛ්‍යාව 39 ක්.