සුපිරි ක්‍රිකට් ගැටුමකට ශ්‍රී ලංකාවෙන් පෙරළිකාර කණ්ඩායමකට ආරාධනා

Tuesday, 16 January 2018 - 8:59

%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B6%A7+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%85%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B6%9A%E0%B6%A7+%E0%B6%86%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F
මේ වසරේ එළඹෙන 70 වන නිදහස් දිනය නිමිත්තෙන් සංවිධාන කර ඇති නිදහස් කුසලාන තුන්කොන් ක්‍රිකට් තරගාවලිය සඳහා බංග්ලාදේශයට නිළ වශයෙන් ආරාධනා කර තිබෙනවා.

ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස්, එම ආරාධනය බංග්ලාදේශ නායක ශකිබ් අල් හසන් වෙත ඩකා නුවර දී පිරිනමනු ලැබුවා.

ශ්‍රී  ලංකා පිළ ඉන්දියාවේ සංචාරය කළ අවස්ථාවේ ඒ සඳහා ඉන්දීය කණ්ඩායම වෙත ආරාධනා කිරීම සිදුකෙරුණා.

නිදහස් කුසලාන - 2018 තරඟාවලිය ලබන ලබන මාර්තු මස 08 වන දා සිට 20 වන දා සිට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන්නේ විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟ 07ක් ලෙසයි.