ශ්‍රී ලංකාවට ප්‍රබල ඉලක්කයක්

Wednesday, 17 January 2018 - 15:12

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B6%E0%B6%BD+%E0%B6%89%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාවට ලකුණු 291 ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකාවේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 290 ක් රැස් කළා.

ශිකන්දර් රාසා නොදැවී ලකුණු 81 ක් ලබාගත්තා.

හැමිල්ටන් මසකඩ්සා 73 යි.

බ්‍රෙන්ඩන් ටේලර් ලකුණු 38 යි.

පන්දු යැවීමේදී අසේල ගුණරත්න කඩුලු 3 ක් සහ තිසර පෙරේරා කඩුලු 2 බැගින් බිඳහෙලුවා.

බංග්ලාදේශයේ පැවැත්වෙන තුන්කොන් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර මෙම තරඟය පැවැත්වෙන්නේ ඩකා හිදීයි.

බංග්ලාදේශ කණ්ඩායමේ පුහුණුකරු ධුරයෙන් ඉවත්ව ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පසුගිය දා වැඩ භාර ගත් චන්දික හතුරුසිංහගේ පළමු තරඟ සංචාරය මෙය වීම ද විශේෂත්වයක්.

මෙම තරගාවලියේ පළමු තරඟයෙන් බංග්ලාදේශය සහ සිම්බාබ්වේ අතර පැවැති අතර එහි ජය හිමි වූයේ බංග්ලාදේශයටයි.

දිනේෂ් චන්දිමාල් මෙම තරඟයේ කලකට පසුව කඩුලු රකින ක්‍රීඩකයා ලෙසින් එක්වීම විශේෂත්වයක්.

ශ්‍රී ලංකා පිළිතුරු ඉනිම තවත් සුලු වේලාවකින් ආරම්භ වීමට නියමිතයි.