ඉතිහාස ගතවූ ජයග්‍රහණය

Thursday, 18 January 2018 - 10:56

%E0%B6%89%E0%B6%AD%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B7%83+%E0%B6%9C%E0%B6%AD%E0%B7%80%E0%B7%96+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B6%AB%E0%B6%BA
බංග්ලාදේශයේ පැවත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශීී‍්‍ර ලංකාවවට එරෙහි ඊයේ පැවති තරගය ලකුණු 12 කින් ජයගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත්වුණා.

සිම්බාබ්වේ කණ්ඩායම ලද මෙම ජයග්‍රහණය වාර්තා පොත් අතරට එක්වීම ද විශේෂත්වයක්.

වසර 15කට පසු සිම්බාබ්වේ කණ්ඩායම විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පුර්ණ වශයෙන් සාමාජිකත්වය දරණ කණ්ඩායමක් විදේශීය රටකදී පරාජයට පත් කළ පළමු අවස්ථාව මෙයයි.

මීට පෙර 2003 වසරේ දී සිම්බාබ්වේ කණ්ඩායම විසින් එංගලන්තයේ දී එංගලන්ත කණ්ඩායම පරාජයට පත්කරනු ලැබුවා.

මෙම පරාජයත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම සිම්බාබ්වේ කණ්ඩායම හමුවේ පිට පිට ලැබූ තුන්වන පරාජයද මෙයයි.

ශ්‍රී ලංකා කණ්ඩායම සිම්බාබ්වේ කණ්ඩායම හමුවේ පිට පිට තරඟ 03ක් පරාජය වූ ඉතිහාසයේ ප්‍රථම අවස්ථාව මෙය වනවා.

මීට පෙර සිම්බාබ්වේ කණ්ඩායම පසුගිය ජුලි මස ශ්‍රී ලංකාවේ කළ තරඟ සංචාරයේ දී එක්දින තරඟාවලියේ අවසන් තරඟ 02 ජය ගන්නට සිම්බාබ්වේ කණ්ඩායම සමත් වුණා.

ඊයේ තරඟයේ විශේෂ අවස්ථා පහතින්.
rnrnrnrnrnrn\r\n
\r\nrnrnrnrnrnrn


\"\" \"\"