ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස පිටිය හෙල්ලූ ක්‍රීඩකයින් සම්මානයට පාත්‍ර වෙයි

Thursday, 18 January 2018 - 12:43

%E0%B6%A7%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%2C+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B7%83%E0%B7%84+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%BA%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA+%E0%B7%84%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%96+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වාර්ෂිකව ක්‍රිකට් තරු අගයමින් පිරිනමන සම්මාන සදහා ක්‍රීඩකයින් නම් කිරීම අද (18) සිදුවුණා.

එහිදී වසරේ  විශිෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයාට ලෙස සම්මානයට පාත්‍ර වුනේ ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි.

ඔහු වසරේ විශිෂ්ඨතම එක්දින ක්‍රීඩකයා ලෙසද සම්මාන දිනා ගත්තා.

වසරේ විශිෂ්ඨතම ටෙස්ට් ක්‍රීඩකයා ලෙස සම්මාන දිනා ගත්තේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායක ස්ටීව් ස්මිත්.

වසරේ හොදම විස්සයි විස්ස දක්ෂතාවට හිමි සම්මානය ඉන්දීය දඟ පන්දු යවන ක්‍රීඩක යුශ්වෙන්ද්‍ර චාහල් දිනාගත්තා.

එම සම්මානය සදහා අසේල ගුණරත්නගේ නම නිර්දේශ වී තිබෙනවා.

අසේල ගුණරත්නට අමතරව ඉන්දියාවේ රෝහිත් ශර්මා, ඇෆ්ගනිස්ථානයේ දඟ පන්දු යවන ක්‍රීඩක රෂිඩ් ඛාන් සහ කොදෙව් කණ්ඩායමේ ප්‍රහාරාත්මක පිතිකරු ඉවන් ලුවිස් යන ක්‍රීඩකයන් නිර්දේශ වී සිටියා.

අසේල් නිර්දේශ වුනේ ඕස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකවට ජය ගෙනෙමින් පන්දු 46කදී වාර්තා කළ ලකණු 84 හේතුවෙන්.

වසරේ නැගී එන ක්‍රීඩකයා ලෙස පකිස්ථානයේ වේග පන්දු යවන ක්‍රීඩක හසන් අලි සම්මාන දිනාගත්තා.

ටෙස්ට් වරම් නොලද රටවල් අතර විශිෂ්ඨතම ක්‍රීඩකයා ලෙස ඇෆ්ගනිස්ථානයේ දඟ පන්දු යවන ක්‍රීඩක රෂිඩ් ඛාන් සම්මානයට පාත්‍ර වුණා.
 
මෙම සම්මාන පිරිනැමීමේදී කිසිදු ශ්‍රී ලංකා ක්‍රීඩකයකුට සම්මාන හිමි නොවීම විශේෂත්වයක්.

එමෙන්ම වසරේ ටෙස්ට් කණ්ඩායමට හෝ එක්දින කණ්ඩායමටද ශ්‍රී ලංකාවෙන් කිසිදු ක්‍රීඩකයෙක් ඇතුළත්ව නැහැ.

මෙහිදී වසරේ විනිසුරුවරයා ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කර ඇත්තේ දකුණු අප්‍රිකානු විනිසුරු මරේ අරයිස්මස්.

වසරේ හොදම විස්සයි විස්ස දක්ෂතාවට නිර්දේශ වූ අසේල ගුණරත්නගේ ඉනිම පහතින්.