බංග්ලාදේශයට ලකුණු 163 ක ජයක්

Friday, 19 January 2018 - 18:16

%E0%B6%B6%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+163+%E0%B6%9A+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සමග පැවති තරගයෙන් ලකුණු 163 ක විශිෂ්ඨ ජයක් ලබාගැනීමට බංග්ලාදේශ කණ්ඩායම අද සමත්වුනා.

ඩකාහිදී පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 320 ක් රැස් කළා.

තමින් ඉක්බාල් 84 යි. අනාමුල් හක් ලකුණු 35 ක් සහ ශකීබ් අල් හසන් ලකුණු 67 ක් ලබාගත්තා.

වේගවත් පිතිහරඹයක නිරතවු මුෂ්ෆිකර් රහීම් ලකුණු 62 ක් ලබාගත්තේ පන්දු 52 කින්.

මහමුදුල්ලා 24 යි. සබීර් රහ්මන් නොදැවී ලකුණු 24 ක් ලබාගත්තා.

නසීර් හුසේන් කිසිදු ලකුණක් නොලබා දැවී ගියා.

පන්දු යැවීමේ දී තිසර පෙරේරා කඩුලු 3 ක් සහ නුවන් ප්‍රදීප් කඩුලු 2 ක් බිඳහෙලුවා.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 32 යි පන්දු 2 ක් අවසානයේ සියලුදෙනා දැවී ලබාගැනීමට හැකිවුයේ ලකුණු 157 ක් පමණයි.

අද තරගයේ නායකත්වය හෙබවු දිනේෂ් චන්දිමාල් ලකුණු 28 යි.

තිසර පෙරේරා ලකුණු 29 ක් ලබාගත්තා.

උපුල් තරංග ලකුණු 25 යි. අසේල ගුණරත්න සහ නිරෝෂන් දික්වැල්ල ලකුණු 16 බැගින් රැස් කළා.

කුසල් මෙන්ඩිස් 19 යි.

මශ්රෆි මොටාසා සහ රුබල් හුසේන් කඩුලු 2 බැගින් දවාගත් අතර ශකීබ් අල් හසන් කඩුලු 3 ක් බිඳහෙලුවා.

ඔවුන්ගේ එක්දින තරග ඉතිහාසයේ විශාලතම ජයග්‍රහණය ලෙසද මෙය වාර්තා පොත් අතරට එක්වුණා.

පිත්තෙන් ලකුණු 67කින් සහ පන්දුවෙන් කඩුලු 3කින් දායකත්වය ලබාදුන් ෂකීබ් අල් හසන් තරගයේ වීරයා ලෙසින් සම්මාන දිනා ගත්තා.

මෙම තුන්කොන් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු තරගයෙන් සිම්බාබ්වේ කණ්ඩායමට ලකුණු 12 ක ජයක් හිමිවුනා.

ශ්‍රී ලංකාව සහභාගී වන මීළග තරගය ලබන ඉරිදා මීර්පුර්හිදී පැවැත්වෙන්නේ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිවයි.