ශ්‍රී ලංකාවට කඩුලු 05ක ජයක්

Sunday, 21 January 2018 - 18:53

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%9A%E0%B6%A9%E0%B7%94%E0%B6%BD%E0%B7%94+05%E0%B6%9A+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
බංග්ලාදේශයේ පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවති දෙවන තරඟය ජය ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම අද (21) සමත් වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරඟය ජය ගත්තේ කඩුලු 05කින්.

තරඟයේ කාසියේ වාසිය දිනු සිම්බාබ්වේ පිල පළමුවෙන් පන්දුවට පහර දිමට තීරණය කළ අතර පන්දුවාර 44ක් තුළ සියලුදෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 198ක්.

එහිදී සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් බ්‍රෙන්ඩන් ටේලර් සිය 33 වන ජාත්‍යන්තර එක්දින අර්ධ ශතකය වාර්තා කරමින් ලකුණු 58ක් රැස් කළ අතර ආරම්භක පිතිකරුවන් වන හැමිල්ටන් මැසකට්සා ලකුණු 20ක් සහ සොලමන් මිර ලකුණු 21ක් රැස් කළා.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් තිසර පෙරේරා කඩුලු 04ක්, ලක්ෂාන් සඳකැන් කඩුලු 02 සහ නුවන් ප්‍රදීප් කඩුලු 03 බිඳ දැමුවා.

ලකුණු 199ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 44යි පන්දු 05කදී එම සිමාව පසුකර යමින් ජයග්‍රහණය වාර්තා කළා.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුසල් ජනිත් පෙරේරා පන්දු 57කදී ලකුණු 49ක් රැස් කළා අතර කුසල් මෙන්ඩිස් ලකුණු 36ක් රැස් කිරීමට සමත් වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම් ජයග්‍රහණය කරා රැගෙන ගිය නායක දිනේෂ් චන්දිමාල් ලකුණු 38ක් සහ තිසර පෙරේරා ලකුණු 39ක් රැස් කළා.

මෙම තරඟාවලිය තුල රැඳී සිටීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරඟය ජය ගැනීම අනිවාර්ය වී තිබුණා.

ශ්‍රී ලංකාව මිට පෙර සහභාගී වූ පළමු තරඟ 02ක පරාජයට පත් වුණා.