මැතිව්ස් දිවයිනට

Monday, 22 January 2018 - 8:47

%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7
තුන්කොන් තරඟාවලිය අතරතුරදී ආබාධයකට ලක්වු ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් ඊයේ (21) රාත්‍රියේ දිවයිනට පැමිණ තිබෙනවා.

ඒ අනුව තමන් ඉදිරි තරඟ සඳහා කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන බවයි දිනේෂ් චන්දිමාල් ඊයේ (21) තරඟයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී කියා සිටියේ.

බංග්ලාදේශයේ පැවත්වෙන තුන්කොන් එක්දින තරඟාවලියේ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවති පළමු තරඟයේදී  මැතිව්ස් ආබාධයකට ලක්වුණා.
 
මේ අතර තුන්කොන් එක්දින තරඟාවලියේ සිම්බාබ්වේ කණ්ඩායම සමඟ ඊයේ පැවති දෙවන තරඟය කඩුලු 05 කින් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත්වුණා.

තරඟයේ පළමුව පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම සියලුදෙනා දැවී ගියේ ලකුණු 198 ක් ලබා තිබියදියි.

තිසර පෙරේරා කඩුලු 04 ක් දවාගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ ශ්‍රී ලං කා කණ්ඩායම ජයග්‍රාහී සීමාව පසුකර ගියේ පන්දු වාර 44 යි පන්දු 05 ක් තුළ කඩුලු 05 ක් පමණක් දැවී තිබියදියි.

කුසල් පෙරේරා ලකුණු 49 යි.

සිම්බාබ්වේ සහ බංග්ලාදේශ කණ්ඩායම් සමඟ පැවති පළමු තරඟ දෙකම ශ්‍රී ලංකාව පරාජයට පත්වුණා.  

බංග්ලාදේශය සමග දෙවන තරගය ලබන 25 වනදා පැවැත්වෙනු ඇති.