ඊයේ රාත්‍රියේ ඉතිහාස ගතවූ විශිෂ්ඨ ජයග්‍රහණය

Saturday, 17 February 2018 - 10:23

%E0%B6%8A%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%89%E0%B6%AD%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B7%83+%E0%B6%9C%E0%B6%AD%E0%B7%80%E0%B7%96+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E0%B6%A8+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B6%AB%E0%B6%BA
නවසීලන්තයේ පැවැත්වෙන තුන්කොන් පන්දුවාර 20 තරඟාවලියේ ඊයේ (16) පැවති තරඟය ජය ගැනීමට ඕස්ට්‍රේලියාව සමත් වුණා.

සත්කාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව පැවති මෙම තරඟය ඕස්ට්‍රේලියාව ජයගත්තේ කඩුලු 05කින්.

ඕක්‌ලන්ඩ් හිදී පැවති මෙම තරඟයේදී පළමුව පන්දුවට පහර දුන් නවසීලන්තය පන්දුවාර 20 තුල කඩුලු 06කට 243ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් රැස් කළා.

එහිදී ප්‍රවේගකාරී ඉනිමක් දියත්කළ  මාටින් ගප්ටිල් පන්දු 54කදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 105ක්.

ඔහුගේ ඉනිමට හයේ පහර 09ක් සහ හතරේ පහර 06ක් අන්තර්ගත වුණා.

ඔහුට අනගි සහයක් ලබා දුන් ආරම්භක පිතිකරු කොලින් මුන්රේ ලකුණු 76ක් රැස් කළේ පන්දු 33ක් වැයකරමින්.

පළමු කඩුල්ල සඳහා මොවුන් දෙදෙනාගේ සම්බන්ධතාවය දැක්වුණේ 64ක් තුළ ලකුණු 132ක් ලෙසටයි.

පන්දු යැවීමේදී කෙන් රිචඩ්සන් සහ ඇන්ඩෘ ටේ කඩුලු දෙක බැගින් බිඳ දැමුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියාවනු කණ්ඩායම ලකුණු 244ක දැවැන්ත ඉලක්කය පන්දුවාර 18යි පන්දු 05ක් තුළ දී ලකුණු 245ක් රැස් කරමින් තරඟය ජයග්‍රහණය කිරීමට සමත් වුණා.

එහිදී ආරම්භක පිතිකරුවන් වන ඩේවිඩ් වෝනර් සහ ඩාසි ෂෝර්ට් පිළිවෙලින් ලකුණු 59ක් සහ 76ක් රැස් කළා.

ඕස්ට්‍රේලියාව වෙනුවෙන්  මැදපෙළින් වේගවත් ප්‍රවේගකාරී  පිති ප්‍රහාරයක්‌ දියත් කළ ග්ලේන් මැක්‌ස්‌වෙල් පන්දු 14 කදී ලකුණු 31ක්‌ රැස් කළ අතර  ඒරොන්

ෆින්ච් පන්දු 14 කදී ලකුණු 36 ක්‌ද වාර්තා කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියා.

පන්දු 44කදී ලකුණු 76ක් රැස් කළ  ඩාසි ෂෝර්ට් තරඟයේ වීරයා සම්මානය හිමි කරගත්තා.

මෙය විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟ ඉතිහාසයේ වැඩිම ලකුණු සංඛ්‍යාවක් යඹා ගොස් ලද ජයග්‍රහණය ලෙස වාර්තා පොතට එක්වන අතර ඊට පෙර එම වාර්තාව වූයේ 2015 වසරේ දකුණු අප්‍රිකාවට එරෙහිව ලකුණු 232ක් හඹා ගොස් කොදෙව් පිළ ලද ජයග්‍රහණයයි.

බංග්ලාදේශයට එරෙහිව ලකුණු 193ක ඉලක්කයක් හඹා ගොස් ශ්‍රී ලංකාව පසුගිය දා ලද විස්සයි විස්ස ජාත්‍යන්තර ජයග්‍රහණයට හිමි වී ඇත්තේ 11 වන ස්ථානයයි.

මේ අතර මෙම තරඟයේදී  වාර්තා වූ මුළු ලකුණු සංඛ්‍යාව වාර්තා අතරට එක්වූයේ පන්දුවාර 20 තරඟයක දී වාර්තා වූ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසයි.

මෙම තරඟයේදී දෙපිළම රැස්කළ ලකුණු සංඛ්‍යාව 488ක්.

ඒ අනුව ඕස්ට්‍රේලියාව මේ වනවිට තරඟාවලියේ සහභාගී වූ  තරඟ 04 ම ජය ගනමින් පෙරමුණේ රැඳී සිටිනවා.

එංගලන්තය, නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව මෙම පන්දුවාර 20 තුන්කොන් තරඟාවලියේ ක්‍රීඩා කරනවා.

තරඟයේ විශේෂ අවස්ථා පහතින්.


rnrnrn\r\n

rnrnrn\r\n
 
\r\nrnrnrnrnrn\r\n\r\nrnrnrnrnrn\r\n
 
\r\nrnrnrn