ජයග්‍රහණයේ රහස චන්දිමාල් හෙළිකරයි

Monday, 19 February 2018 - 13:11

%E0%B6%A2%E0%B6%BA%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B6%AB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BB%E0%B7%84%E0%B7%83+%E0%B6%A0%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
බංග්ලාදේශය සමඟ පැවති ටෙස්ට්, එක්දින සහ පන්දුවාර විස්ස තරගාවලි ජයගැනීමට හැකිවූයේ කණ්ඩායමක් ලෙස ක්‍රීඩා කිරීම හේතුවෙන් බව ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ බංග්ලාදේශය සමග ඊයේ (18) අවසන් වූ පන්දුවාර විස්ස තරගාවලිය දෙකට බින්දුවක් ලෙස ජයගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මේ අනුව ඉදිරි තරඟාවලි සඳහා තරුණ ක්‍රීඩකයින්ගෙන් සමන්විත පළපුරුදු කණ්ඩායමක් ශ්‍රී ලංකාව සතු බව ද ඔහු ප්‍රකාශ කළා.

ලබන මස 06 වනදා ආරම්භ වන තුන්කොන් පන්දු වාර විස්ස තරගාවලිය ශ්‍රී ලංකාව සහභාගිවන මීළඟ තරගාවලියයි.

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන මෙම තරගවලිය සඳහා බංග්ලාදේශය සහ ඉන්දියාව එක්වීමට නියමිතයි.