අපි කණ්ඩායමක් විදිහට නෙමෙයි සෙල්ලම් කළේ එක පවුලක් විදිහට - දිනේෂ් චන්දිමාල්

Tuesday, 20 February 2018 - 9:04

%E0%B6%85%E0%B6%B4%E0%B7%92+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%92%E0%B7%84%E0%B6%A7+%E0%B6%B1%E0%B7%99%E0%B6%B8%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%E0%B7%83%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85%E0%B7%9A+%E0%B6%91%E0%B6%9A+%E0%B6%B4%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%92%E0%B7%84%E0%B6%A7+-+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B7%9A%E0%B7%82%E0%B7%8A+%E0%B6%A0%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A
බංග්ලාදේශයේ සාර්ථක ක්‍රිකට් සංචාරයක් අවසන් කළ ශ්‍රී ලංකා ක්‍රිකට් පිළ ඊයේ (19) පස්වරුවේ ශ්‍රී ලංකාවට පැමිණියා.

එහිදී ටෙස්ට් තරගාවලිය එකට බින්දුවක් ලෙස ජය ගත් ශ්‍රී ලංකා පිළ විස්සයි විස්ස තරගාවලිය ජය ගත්තේ දෙකට බින්දුවක් ලෙසින්.

දිනේෂ් චන්දිමාල් ප්‍රමුඛ කණ්ඩායම මෙරටට පැමිණීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී ප්‍රවෘත්ති සාකච්ඡාවකටද එක්වුණා.

එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල්.

\"ගොඩක් සන්තෝසයි අද ජයග්‍රාහී කණ්ඩායමක් විදිහට අපිට මෙතනට එන්න ලැබීම. පළමු එක්දින තරඟ දෙක ඉතාම නරක විදිහට පරාජය වුනා. ඒක තමයි අපිට මොරාල් එකක් දුන්නේ ඊළඟ මැචස් කොහොමද සැලසුම් කරන්න ඕනේ කියන එක. හැම ෆෝමැට් එකටම ආපු ප්ලේයර්ස්ලා 15 දෙනා තමන්ගේ උපරිම කැපවීම කණ්ඩායම් වෙනුවෙන් රට වෙනුවෙන් ලබා දුන්නා. අපි කණ්ඩායමක් විදිහට නෙමෙයි සෙල්ලම් කළේ එක පවුලක් විදිහට. ඉතින් එහෙම වුනාම අපි තවත් ලංවෙනවා. ඒක ලොකු වෙනසක්. මම හිතනවා ක්‍රීඩකයන් සියලුදෙනාම මේ තරගාවලිය හොඳට ඉවර කරා වගේම ඉදිරියට තියන තරඟත් ඉතාම හොඳට රටට සෙල්ලම් කරලා ඒ ආකාරයෙන් ඉවර කරයි කියන එක.\"