ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව රටවල් 05කට සීමා කරමින් සුපිරි ක්‍රිකට් තරුව දැඩි තීරණයක් ගනී

Tuesday, 20 February 2018 - 12:38

%E0%B6%A7%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B7%8F%E0%B7%80+%E0%B6%BB%E0%B6%A7%E0%B7%80%E0%B6%BD%E0%B7%8A+05%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B7%80+%E0%B6%AF%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක කෙවින් පීටර්සන් මෙවර පාකිස්තාන පාකිස්තාන සුපර් ලීග් විස්සයි විස්ස තරගාවලියෙන් පසු ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට සැරසෙනවා.

එංගලන්ත ජාතික කණ්ඩායමෙන් ඉවත් කළ පසු ඔහු ප්‍රහාරාත්මක පිතිකරුවෙකු ලෙස ලොව පුරා විස්සයි විස්ස තරගාවලි රැසක් සඳහා සහභාගි වූ අතර පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේදී නියෝජනය කරන්නේ ක්වෙටා ග්ලැඩියේටර්ස් පිළයි.

තමන් මෙවර තරගාවලියෙන් පසු ක්‍රිකට් පිටියට සමු දී පවුලේ සාමාජිකයන් වෙනුවෙන් කැප වන බව පීටර්සන් ට්විටර් පණිවුඩයක් මගින් ප්‍රකාශ කර තිබෙනවා.

කෙවින් පිටර්සන් එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් තරඟ 104කට සහභාගි වී ශතක 23ක් සමඟ ලකුණු 8181ක් සහ එක්දින ජාත්‍යන්තර තරඟ 136කදී ලකුණු 4440ක් රැස්කර ගනු ලැබුවා.

මේ අතර තවත් වසර 10ක් ගතවන්නට පෙර ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් ගණන 05කට අඩුවනු ඇති බව කෙවින් පීටර්සන් පවසනවා.

පීටර්සන් අනුව ඉදිරියේදී ටෙස්ට් ක්‍රීඩා කරන රවටල් වන්නේ ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, එංගලන්තය, දකුණු අප්‍රිකාව සහ පාකිස්ථානයයි.

අනෙකුත් ටෙස්ට් ක්‍රීඩා කරන රටවල් වන ශ්‍රී ලංකාව, නවසීලන්තය, බටහිර ඉන්දීය කොදෙව්, බංගලදේශය සහ සිම්බාබ්වේ යන රටවල් ඉදිරියේදී ටෙස්ට්  ක්‍රීඩාවෙන් ඉවත් වී සීමිත පන්දුවාර තරඟ සදහා පමණක් ක්‍රීඩා කරනු ඇතැයි ඔහු විශ්වාසය පල කරනවා.

මේ අනාවැකිය සිහි තබාගන්නා ලෙසයි පීටර්සන් ඉල්ලා සිටින්නේ.