ජාතික ඔලිම්පික් කමිටුවට නව සභාපතිවරයෙක් තේරී පත්වෙයි

Friday, 23 February 2018 - 18:48

%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%94%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%B1%E0%B7%80+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9A%E0%B6%BB%E0%B7%93+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
වසර 9 කට පසු ජාතික ඔලිම්පික් කමිටුව සඳහා නව නිලධාරී මණ්ඩලයක් තෝරා ගැනීමේ නිලවරණය අද පැවැත්වුණා.

එහිදී සුරේෂ් සුබ්‍රමනියම් මහතා ඔල්ම්පික් කමිටු සභාපතිවරයා ලෙස තේරී පත්වුණේ හිටපු සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතාගේ වසර 21 ක ධුර කාලය අවසන් කරමින්.

ජාතික ඔලිම්පික් කමිටු නිලවරණය අද සවස පැවැත්වුනේ කොළඹ පිහිටි ඔලිම්පික් නිවහනේදී.

2009 වසරෙන් පසු පළමු වරට පැවැත්වුණු මෙම නිලවරණයට ප්‍රධාන පාර්ශව 2 ක නියෝජිතයන් ඉදිරිපත් වුණා.

නිලවරනයෙදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටි ජාතික ක්‍රීඩා සංගම් සංඛ්‍යාව 31ක්.

එහිදී සුරේෂ් සුබ්‍රමනියම් මහතා ජාතික ඔලිම්පික් කමිටු නව සභාපති ලෙස තේරී පත් වුණේ ඡන්ද 18 ක් ලබා ගනිමින්.

ඔහුගේ ප්‍රතිවාදියා වූ රොහාන් ප්‍රනාන්දු මහතා ඡන්ද 12 ක් ලබා ගත්තා.

සුබ්‍රමනියම් පාර්ශවයෙන් මහලේකම් තනතුරට තරග කළ වත්මන් මහලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා යලි එම තනතුරට තේරී පත් වුනා.

මෙවර නිලවරණය සඳහා පාර්ශව දෙකක් ඉදිරිපත් වී සිටි අතර, ආධුනික ඔරු පදින්නන්ගේ සංගමයේ සභාපති රොහාන් ප්‍රනාන්දු ඊට ඉදිරිපත් වී සිටින එක් පාර්ශවයක්.

අනෙක් පාර්ශවයෙන් ඉදිරිපත් වුයේ ටෙනිස් සම්මේලනයේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම්.

අවසන් වරට ජාතික ඔලිම්පික් කමිටු නිලවරණය පවත්වා ඇත්තේ 2009 වසරේදීයි.