%E0%B6%BD%E0%B7%9C%E0%B7%80%E0%B6%B8+%E0%B6%B6%E0%B7%90%E0%B6%BD%E0%B7%96+%E0%B6%8A%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%BA%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B7%80%E0%B6%BB%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B7%8F+%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92
Tuesday, 13 March 2018 - 15:35
ලොවම බැලූ ඊයේ සුපිරි විස්සයි විස්සේ විනිසුරුවන් අතින් සිදුවූ වරදක් සංගා පෙන්වාදෙයි
61

Shares
7,391

Views
පකිස්තාන සුපර් ලීග් විස්සයි විස්ස තරඟාවලියේ පැවති Karachi Kings සහ Lahore Qalandars අතර තරඟයේ අවසන් පන්දුවාරය වෙත ලෝකයේම අවධානය යොමුවූවා.

ඒ තරඟයේ අවසන් පන්දුව නිපන්දුවක් වීම හේතුවෙන් ලැබුණු නිදහස් පහරත් සමඟ කණ්ඩායම් දෙකම ලකුණු සමවී සුපිරි පන්දුවාරයකින් තරඟය නිමාකිරීමට සිදුවීම හේතුවෙන්.

එහිදී සිදුවූ බොහෝ දේ ක්‍රීඩකයන්, ප්‍රේක්ෂකයන්, විනිසුරුවන් ඇතුළු සියල්ලන් මවිත කළ සිදුවීම් වූවා.

පසුව ඒ පිළිබඳව ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක කුමාර් සංගක්කාර ද ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබීම විශේෂත්වයක්.

තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් Karachi Kings පන්දුවාර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 163ක්.

එහිදී Babar Azam විසින් ලකුණු 61 ක් රැස්කරගන්නේ පන්දුවාර 49කදී හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමඟින්.

Karachi Kings ඉනිම ශක්තිමත් කළ ආරම්භක පිතිකරු Lendl Simmons ලකුණු 55ක් රැස්කරගන්නේ සියල්ලන්ගේ අවධානය දිනාගනිමින්.

ඔහුගේ වේගවත් ඉනිමට පන්දු 39 ක් වැයවූ අතර එයට හයේ පහරක් සහ හතරේ පහර 8 ක් ඇතුලත් වූවා.

පන්දුයැවීමෙදී Lahore කණ්ඩායම වෙනුවෙන් අගනා මෙහෙයක් ඉටුකරමින් Sohail Khan කඩුලු 4ක් දවාගැනීමට සමත්වනවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකිරීමට පිටියට පිවිසි Lahore කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 163ක් ලබාගනිමින් තරඟයේ ලකුණු සම කිරීමට සමත්වූවා.

අවසන් පන්දුවාරය ක්‍රියාත්මක කළ Karachi කණ්ඩායමේ පන්දු යවන ක්‍රීඩක Usman Khan යැවූ අවසන් පන්දුවට Sohail Akhtar වැරෙන් එල්ලකළ පහර හතරේ සීමාව ආසන්නයේ පන්දු රකින ක්‍රීඩකයා විසින් ආරක්ෂිතව රැකගැනීමත් සමඟ Karachi ක්‍රීඩකයන් සිය ජයග්‍රහණය සැමරුවා.

කෙසේ වෙතත්  Karachi සිහිනය බොඳවීමට ගතවූයේ සුළු මොහොතක් පමණයි.

ඒ උස්මාන්ගේ අවසන් පන්දුව නිපන්දුවක් ලෙස විනිසුරුවන් විසින් සංඥා කිරීම හේතුවෙන්.

අනතුරුව Lahore කණ්ඩායමට ජයග්‍රහණය පිළිබඳව නව බලාපොරොත්තුවක් එක්වුණා.

විනිසුරු විසින් පසුව උස්මාන් යොමුකළ එම පන්දුව අජීවී පන්දුවක් ලෙස සංඥා කිරීම හේතුවෙන් එම අවස්ථාවේ හිමිවන අතිරේක නිදහස් පන්දුවට පහරදියයුතු ක්‍රීඩකයා වූයේ Usman Khan වුවත් එම අවස්ථාවේ පන්දුවට පහරදෙන්නේ Gulraiz Sadaf විසින්.

මෙය විනිසුරුවන් අතින් සිදුවූ වරදක් නොවේද යන්න විමසමින් පසුව කුමාර් සංගක්කාර මෙලෙස සිය ට්විටර් ගිණුමේ සටහනක් එක්කර තිබුනා.

පසුව පන්දුවට පහරදුන් Gulraiz Sadaf විසින් නිදහස් පන්දුවට පහරක් එල්ලකරමින් එක් ලකුණක් ලබාගනිමින් පතිමාරුකරගත් අතර ජයග්‍රාහී දෙවන ලකුණ ලබාගැනීමට උත්සාහ කිරීමේදී ඔහු දුවද්දී දැවී යාමකට හසුවනවා.

ඒ අනුවයි විනිසුරුවන් අවස්ථා කිහිපයකදීම දැඩි පීඩනයකට ලක්වූ එම තරඟයේ අවසානය සටහන් වුයේ.

ක්‍රිකට් විචාරකයන් මෙම තරඟයේ අවසන් පන්දුවාරය හැඳින්වූයේ සියල්ලන් තැතිගැන්වූ පන්දුවාරය ලෙසයි.

පසුව කණ්ඩායම් දෙකට සුපිරි පන්දුවාරය බැගින් හිමිවූ අතර එම පන්දුවාරයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන්නේ ලාහෝර් කණ්ඩායමයි.

එහිදී පිටියට පිවිසියේ බ්‍රෙන්ඩන් මැකලම් සමඟ Fakhar Zaman.

ඔවුන් සුපිරි පන්දුවාරයේදී එක් කඩුලු 2ක් දැවී ලකුණු 11ක් රැස්කරගත්තා.

කරච්චි කණ්ඩායම වෙනුවෙන් සුපිරි පන්දුවාරය යොමුකළේ Mohammad Amir විසින්.

පිළිතුරු සුපිරි පන්දුවාරය සඳහා පිටියට පිවිසි කරච්චි කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 12 ක් අවශ්‍ය වූවා.

ඒ සඳහා පිටියට පිවිසියේ Lendl Simmons සහ Colin Ingram.

ලාහෝර් කණ්ඩායම වෙනුවෙන් සුපිරි පන්දුවාරයේ වගකීම බාරගත්තේ Sunil Narine විසින්

එම පන්දුවාරයේ ක්‍රීඩා පිටිය රත්කළ සුපිරි පන්දුරැකීමක නිරත වූ Mitchell McClenaghan රැකගත් සුපිරි උඩපන්දුවත් සමඟ Colin Ingram ගේ ඉනිම නිමා වූවා.

එහිදී ඔවුන් පන්දු 6 ක් අවසානයේ රැස්කරගත්තේ ලකුණු 7ක් පමණයි.

ඒ අනුව කරච්චි කණ්ඩායමේ පළමු ජයග්‍රහණ සැමරුම බොඳ කරමින් පිටිය සැණකෙළියක් කරමින් ලාහෝර් කණ්ඩායම සිය ජයග්‍රහණය සැමරුවා.

එම තරඟයේ බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවූ එම අවස්තාව කෙටියෙන් පහතින්.

rnrnrnrn


rnrnrnrnසංගා එක්කළ ට්විටර් සටහන පහතින්.



තරඟයේ සම්පූර්ණ ලකුණු සටහන පහතින්.



Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE