ශ්‍රී ලංකා - බංග්ලාදේශ තරඟය උණුසුම් කළ සිදුවීම ගැන ICCයෙන් ගත් තීරණය

Saturday, 17 March 2018 - 10:45

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+-+%E0%B6%B6%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA+%E0%B6%8B%E0%B6%AB%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+ICC%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ඊයේ පැවැති නිදහස් කුසලාන තරඟයේදී ඇති වූ සිදුවීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළා.

එහි ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සඳහන් කළේ ඒ සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ද සහය වන බවයි.

නිදහස් කුසලාන විස්සයි විස්ස තරගාවලියේ තියුණු සටනකින් පසු ශ්‍රී ලංකාව පරදා අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබීමට බංග්ලාදේශ කණ්ඩායම ඊයේ සමත් වුණා.

තරඟය අතරතුර කණ්ඩායම් දෙක අතර පැවති දැඩි උණුසුම්කාරී තත්ත්වයක් පැවති අතර බංග්ලාදේශ ක්‍රීඩකයන් විනිසුරුවන්ට විරෝධය දක්වමින් ප්‍රමාණය ඉක්මවා ජයග්‍රහණය සමරමින් කටයුතු කළ අයුරක් දක්නට ලැබුණා.

තරඟය අවසන්වීමට පන්දු දෙකක් තිබියදී නිපන්දුවක් ලබා නොදුන් බවට විරෝධය පා සිය පිතිකරුවන් ක්‍රීඩාගාරය වෙත කැදවීමට ද නායක ශකීබ් අල් හසන් උත්සාහයක නිරත වුණා.

බංග්ලාදේශ ක්‍රීඩකයන් කෙසේ හෝ ජයග්‍රහණය හිමි කර ගත්ත ද එය අප්‍රසාදජනක ජයක් බවයි ක්‍රීඩා විචාරකයන් පෙන්වා දෙන්නේ.

ජයග්‍රහණයෙන් අනතුරුව ඔවුන් සිය විවේකාගාරයේ වීදුරු බිඳ අලාභ හානි කර ඇති අයුරු ද ජාත්‍යන්තර ක්‍රීඩා මාධ්‍ය මගින් ප්‍රසිද්ධියට පත් කර තිබෙනවා.

තරඟයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 07ක් දැවී ලකුණු 159ක් රැස් කළා.

අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ ක්‍රීඩකයින් පන්දු වාර 19යි පන්දු 5ක් තුළ කඩුලූ 8ක් දැවී සිය ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

\r\n
\r\n

rn\r\n
\r\nrnrnrnrnrnrnrnrn
rnrnrnrnrnrnrnrn\r\n
\r\nrnrnrnrnrnrnrnrn