පාකිස්තාන සුපර්ලීග් අවසන් තරඟයට දැඩි ආරක්ෂාවක්

Saturday, 24 March 2018 - 15:22

%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1+%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%9C%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AF%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
වසර 09කට පසු පාකිස්තානයේ පැවැත්වෙන ඉහළම ක්‍රිකට් තරඟය සඳහා දැඩි ආරක්ෂාවක් යොදා ඇති බව වාර්තා වනවා.

පාකිස්තාන සුපර් ලීග් විස්සයි විස්ස තරඟාවලියේ අවසන් මහා තරඟය කරච්චි නුවර දී හෙට (25) පැවැත්වෙන අතර, එහිදී තරඟ වදින්නේ පේශාවර් සල්මි සහ ඉස්ලාමාබාද් යුනයිටඩ් කණ්ඩායමයි.

2009 වසරේ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණයේ පැවති ශ්‍රී ලංකා - පාකිස්තාන ටෙස්ට් තරඟයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමෙන් පසු විදේශීය කණ්ඩායම් පාකිස්තානයේ මුල් පෙළේ සංචාරවලට සහභාගි වන්නේ නැහැ.

08 දෙනෙකු ජීවිතක්ෂයට පත් කළ ලාහෝර් ප්‍රහාරයේදී තුවාල ලැබූවන් ඉවත් කර ගැනීමට හෙලිකොප්ටර් යානා යොදා ගැනීමෙන් පසු ප්‍රථම වරට කරච්චි ක්‍රීඩාංගණයේ ආරක්ෂාවට ද හෙලිකොප්ටර් යානා යොදා ගැනෙනවා.

කරච්චි නුවර හෙට පැවැත්වෙන පාකිස්තාන සුපර් ලීග් අවසන් මහා තරඟය සඳහා විදේශීය ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම එක්වනවා.

බටහිර ඉන්දීය කොදෙව් පිළේ හිටපු නායක ඩැරන් සමී ඒ අතරින් ප්‍රධානයි.