ප්‍රබලයෙකුට කණ්ඩායමේ තැන අහිමි වෙයි

Saturday, 24 March 2018 - 15:42

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B6%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B7%9A+%E0%B6%AD%E0%B7%90%E0%B6%B1+%E0%B6%85%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
රෝයල් චැලේන්ජස් බැංගලෝර් කණ්ඩායමේ ආබාධයකට ලක්වූ ඔස්ට්‍රේලියාවේ වේග පන්දු යවන ක්‍රීඩක නේතන් කෝල්ටර් නයිල් වෙනුවෙන් නවසීලන්ත තුන් ඉරියව් ක්‍රීඩක කොරේ ඇන්ඩර්සන් කැඳවා තිබෙනවා.

පිට කොන්දේ හටගත් ආබාධයක් මෙතෙක් සුව නොවීම හේතුවෙනුයි කෝල්ටර් නයිල් වෙනුවෙන් කොරේ ඇන්ඩර්සන් කැඳවා ඇත්තේ.

මෙම ආබාධය හේතුවෙන් 2017 ඔක්තෝම්බර් මාසයෙන් පසු ඔහුට ක්‍රීඩා කිරීමට අවස්ථාවක් හිමිවුයේ ද නැහැ.

පසුගිය වසරේ අයි.පී.එල්. තරගාවලියේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම නියෝජනය කළ කෝල්ටර් නයිල් එම කණ්ඩායමේ දෙවන වැඩිම කඩුලු ලාභියා බවට ද පත්වුනා.

මෙවර රෝයල් චැලේන්ජස් බැංගලෝර් කණ්ඩායම ඔහු මිලදී ගනු ලැබුවේ ඇමරිකානු ඩොලර් හාරලක්ෂ තිස් දහසකට ආසන්න මුදලකටයි.

කණ්ඩායමට කැඳවු කොරේ ඇන්ඩර්සන් පසුගිය වසරේ අයි.පී.එල්. තරගාවලියේදී දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායම නියෝජනය කළා.

කෙසේ වෙතත් මෙවර වෙන්දේසියේදී කිසිදු කණ්ඩායමක් විසින් ඔහු මිලදී ගත්තේ නැහැ.

ඇන්ඩර්සන් කණ්ඩායමට එක්වීමත් සමග විදෙස් තුන් ඉරියව් ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම රෝයල් චැලේන්ජස් බැංගලෝර් කණ්ඩායම සතුවනවා.

එංගලන්තයේ මොයින් අලි සහ ක්‍රිස් වෝක්ස්, නවසීලන්තයේ කොලින් ඩි ග්‍රෑන්ඩ්හෝම් ද ඊට අයත්.