ඕස්ට්‍රේලියානුවන් පන්දුව පලූදු කළ බව පිළිගනී

Sunday, 25 March 2018 - 6:55

%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80+%E0%B6%B4%E0%B6%BD%E0%B7%96%E0%B6%AF%E0%B7%94+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B6%E0%B7%80+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
දකුණු අප්‍රිකාව සමග කේප් ටවුන් හි පැවැත්වෙන තුන්වන ටෙස්ට් තරගයේ තුන්වන දිනය වූ ඊයේ පන්දුව පලූදු කළ බවට ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් පිළිගත්තා.  

ඕස්ට්‍රේලියානු ක්‍රීඩක කැමරන් බැන්ක්‍රොෆ්ට් සිය කළිසම් සාක්කුවෙන් ටේප් පටයක් ගෙන මෙලෙස පන්දුව පලූදු කළ අයුරු ක්‍රීඩා පිටියේ කැමරාවල සටහන්වී තිබූ අතර, එය සිදුකරන බව තමා දැන සිටියේ යැයි  ඕස්ට්‍රේලියානු නායක ස්ටීවන් ස්මිත් පසුව කියා සිටියා.

එය තමා ඇතුලූ කණ්ඩායම සිදුකළ විශාල අත්වැරැද්දක් ලෙසයි ඔහු හැඳින්වූයේ.

කෙසේ නමුත් දකුණු අප්‍රිකාව තරගයේ තුන්වන දිනය නිමා කළේ දෙවන ඉනිම සඳහා කඩුලූ 5 ක් දැවී ලකුණු 238 ක් ලබා ඕස්ට්‍රේලියාවට එරෙහිව ලකුණු 294 ක් ඉදිරියෙන් සිටිමින්.

ඊයේ දිනය නිමාවේ පැවති මාධ්‍ය හමුවේදී ඕස්ට්‍රේලියානු ක්‍රීඩක බැන්ක්‍රොෆ්ට් මෙන්ම නායක ස්ටීවන් ස්මිත් පන්දුව පලූදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සමාව ඇයද සිටියා.

එය තමන් ගනු ලැබූ වැරදි තීරණයක් ලෙස හැඳින්වූ ස්ටීවන් ස්මිත් නායකත්වයේ තවදුරටත් රැඳී සිටින බවයි කියා සිටියේ.

1994 වසරේ දකුණු අප්‍රිකාව සමග ලෝඞ්ස් පිටියේ පැවති ටෙස්ට් තරගයකදී පන්දුව පලූදු කිරීමේ චෝදනාව මත එවකට එංගලන්ත නායක මයික් ඇතර්ටන්ට පවුම් 2000ක දඩයක් පනවනු ලැබුවා.

ඉන් සත් වසරකට පසු දකුණු අප්‍රිකාව සමග පැවති ටෙස්ට් තරගයකදී පන්දුව පලූදු කිරීම හේතුවෙන් ඉන්දීය සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර්ට එක් තරගයක්ද තහනම් කෙරුණා.

ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය මෙතෙක් තම විනිශ්චය ප්‍රකාශයට පත් කර නැහැ.