ලෝක ක්‍රිකට් සහ කොදෙව් ක්‍රිකට් එකට ගැටෙන සුපිරි තරඟය

Friday, 20 April 2018 - 18:02

%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%9A%E0%B7%9C%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B6%A7+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%99%E0%B6%B1+%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA
අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කරන ලෝක ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පන්දුවාර 20 තරඟයක් පැවැත්වීමට කටයුතු සැලසුම් කර තිබෙනවා.

ලබන මැයි මස 31 වනදා එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගනයේදියි මෙම සුවිශේෂී තරඟය පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.

මෙම තරඟයේදී ලෝක කණ්ඩායම නියෝජනය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරාට අවස්ථාව හිමිව තිබෙනවා.

මේ අතර පකිස්ථානය ක්‍රීඩකයින් වන ෂහිඩ් අෆ්රිඩි සහ ෂොයිබ් මලික්ට ද මෙම තරඟාවලියේදී ලෝක කණ්ඩායමේ දොරටුව විවෘතව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම තරඟයේදී එංගලන්ත ක්‍රීඩක ඔවින් මෝර්ගන් විසින් ලෝක කණ්ඩායම මෙහෙයවන අතර බරහිර ඉන්දීයය කොදෙව් කණ්ඩායම මෙහෙයවීම කාලෝස් බ්‍රාත්වේට් හට හිමිව තිබෙනවා.

කොදෙව් ක්‍රීඩකයින් වන ක්‍රිස් ගේල්, අන්ඩි‍්‍ර රසෙල්, සැමුවෙල් බද්‍රි, මාලන් සැමුවෙල් වැනි ක්‍රීඩකයින් මෙම විස්සයි විස්ස තරඟයේදී කොදෙව් කණ්ඩායමට එක්කර ගැනීමට නියමිත බව සඳහන්.

මේ අතර මෙම තරඟයට එක්වන ලෝක කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයින් නුදුරේදීම නම් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මෙම තරඟයෙන් උපයාගන්නා මුදල් පසුගියදා බටහිර ඉන්දීය දූපත් සමුහයට බලපෑ සුළි කුණාටු වලින් හානියටපත් ක්‍රිකට් ක්‍රීඩාංගන අලුත්වැඩියා කිරීමට යොදා ගැනීමට නියමිතයි.