මුම්බායි ඉන්දියන්ස් ක්‍රීඩකයින්ට මහේලගෙන් අමුතුම දඬුවමක්

Friday, 20 April 2018 - 19:09

%E0%B6%B8%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%8F%E0%B6%BA%E0%B7%92+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B8%E0%B7%84%E0%B7%9A%E0%B6%BD%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B8%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%B8+%E0%B6%AF%E0%B6%AC%E0%B7%94%E0%B7%80%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ සුපිරි ක්‍රීඩකයෙක්ට මහේලගෙන් අමුතුම දඬුවමක්  

IPL තරඟාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරුවා ලෙස ක්‍රියා කරන්නේ ශ්‍රී ලංකා හිටපු නායක මහේල ජයවර්ධන.

ඔහු විසින් මුම්බායි කණ්ඩායමේ ක්‍රීඩකයින් සිදු කරන වැරදි සඳහා අපුරු දඬුවමක් හදුන්වා දී තිබෙනවා.

මේ අනුව බස් රථයට පැමිණීමට ප්‍රමාදවීම වැනි කණ්ඩායම තුල සිදුකරන අතපසුවීම් සහ වැරදි සඳහා මහේල මේ දඬුවම නිර්මාණය කර ඇති බව සඳහන්.

මේ දඬුවම විදීමට සිදුවන ක්‍රීඩකයාට විශේෂිත ඇඳුමක් නිර්මාණය කර ඇති අතර කණ්ඩායම සමඟ සංචාරය කරන සෑම අවස්ථාවකදීම ඔහු එම ඇඳුමෙන්  සැරසී යා යුතු වනවා.

පළමු වරට මේ වරදට හසුවී ඇත්තේ මුම්බායි ඉන්දියන්ස් ආරම්භක පිතිකරු සූරියකුමාර් යාදව්.

වෙනත් ක්‍රීඩකයකු වරදක් සිදුකරන තෙක් එම ක්‍රීඩකයා මේ දඬුවම් ඇඳුමෙන් සැරසී සෑම ගමනක් සඳහාම එක්වීමට සිදුවන බවයි මහේල පවසන්නේ.

rnrnrn\r\n
\r\nrnrnrn