ගේල්ගේ ශතකය දෙවන තැනට ඇද දමමින් වොට්සන්ගෙන් වාර්තාගත ශතකයක්

Saturday, 21 April 2018 - 10:26

%E0%B6%9C%E0%B7%9A%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%81%E0%B6%AD%E0%B6%9A%E0%B6%BA+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B6%AD%E0%B7%90%E0%B6%B1%E0%B6%A7+%E0%B6%87%E0%B6%AF+%E0%B6%AF%E0%B6%B8%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%9C%E0%B6%A7%E0%B7%8A%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD+%E0%B7%81%E0%B6%AD%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ක්‍රිස් ගේල් වාර්තාව පිහිටුවා පැය 24ක් යන්නටත් මත්තෙන් එය බිඳ දමමින්, IPL පිටිය උඩු යටිකුරු කරමින් පිහිටවූ වාර්තාව මෙන්න

2018 ඉන්දීය ප්‍රිමිය ලීග් තරඟාවලියේ තවත් තරඟයක් ඊයේ (20) පැවැත්වුනේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සහ රාජස්ථාන් රෝයල් කණ්ඩායම අතරයි.

පුනේහි මහාරාෂ්ඨ ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගනයේ පැවති මෙම තරඟය ජය ගන්නට චෙන්නායි කණ්ඩායම සමත් වුණේ රාජස්ථාන් කණ්ඩායම ලකුණු 64 කින් පරාජය කරමින්.

තරඟයේ පළමුව පන්දුවට පහැරදුන් චෙන්නායි පිල නියමිත පන්දුවාර 20 තුල කඩුලු 05කට ලකුණු 204ක් රැස් කළා.

එහිදී චෙන්නායි කණ්ඩායම වෙනුවෙන් වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ ආරම්භක පිතිකරු ෂේන් වොට්සන් පන්දු 57කදී හයේ පහර 06ක් සහ හතරේ පහර 09ක් සමඟින් ලකුණු 106ක් රැස් කිරීමට සමත් වුණා.

වොට්සන් ඊයේ වාර්තා කළ ශතකය මෙවර තරඟාවලියේ දී වාර්තාවූ දෙවන ශතකය වන අතර මෙවර තරඟාවලියේ දී ක්‍රීඩකයෙක් රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාවද මෙයයි.

කිංග්ස් ඉලවන් පන්ජාබ් කණ්ඩායමේ ක්‍රිස් ගේල් විසින් මෙවර තරඟාවලියේ පළමු ශතකය වාර්තාකරමින් පන්දු 63 කදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 104ක්.

ලකුණු 203ක ඉලක්කයක් හඹා ගිය රාජස්ථාන් කණ්ඩායමට පන්දුවාර 18යි පන්දු 03ක් තුල සියලු ක්‍රීඩකයින් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 140ක්.

තරඟයේ වීරයා ලෙස ෂේන් වොට්සන් සම්මාන හිමිකරගත්තා.

ඊයේ ලද ජයත් සමඟ මේ වන විට තරඟ 04කට සහභාගී වී ඉන් තරඟ 03ක් ජයගෙන ඇති චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු ලබා ගැනීම්වල පෙරමුණේ පසුවනවා.

වොට්සන්ගේ ශතක ඉනිම පහතින්.

rnrnrnrn\r\n
\r\nrnrnrnrn