2019 එක්දින ලෝක කුසලානයට දින නියම වෙයි

Wednesday, 25 April 2018 - 19:04

2019+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%B8+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
2019 ලෝක එක්දින කුසලානය ලබන වසරේ මැයි 30 වනදා සිට ජූලි 14 වනදා දක්වා පැවැත්වීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.

නිල තරග කාල සටහන ලබන 30 වනදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

තරඟාවලියේ කාලසටහන සකස් කිරීම අද (25) අවසන් වුනා.

ඒ මේ දිනවල ඉන්දියාවේ කොල්කටා නුවරදී පැවැත්වෙන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සැසිවාරයකදීයි.

මෙවර ලෝක කුසලානයට එක්වන කණ්ඩායම් 10 මුලික වටයේදී ලීග් ක්‍රමයට තරග වැදීමට නියමිතයි.

ඒ අනුව සෑම කණ්ඩායමක්ම මුලික වටයේදී අනෙක් කණ්ඩායම් මුණ ගැසෙන අතර මුලික වටයේදී එක් කණ්ඩායමකට තරඟ 9ක් හිමි වනවා.

මුලික වටයෙන් පසු හොදම කණ්ඩායම් 4 අවසන් පුර්ව වටයට එක්වීමට නියමිතයි.

මෙවර ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගිවන පළමු තරඟය ලබන වසරේ ජුනි පළමුවෙනිදා වේල්සයේ කාර්ඩිෆ්හිදී පැවැත්වෙනු ඇති.

මැයි මස 30 වෙනිදා ආරම්භවන ලෝක කුසලානය ජුලි මස 14වෙනිදා ලෝර්ඩ්ස් පිටියේදී නිමාවීමට නියමිතයි.

\"\"