%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%9A%E0%B6%A7%E0%B7%8F+%E0%B6%9A%E0%B6%A9%E0%B7%94%E0%B6%BD%E0%B7%94+6%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B6%BA+%E0%B6%BD%E0%B6%B6%E0%B6%BA%E0%B7%92
Wednesday, 16 May 2018 - 10:48
කොල්කටා කඩුලු 6කින් ජය ලබයි
57,049

Views
අයි.පී.එල්. තරගාවලියට අදාළව රාජස්ථාන් රෝයල් කණ්ඩායම සමඟ පැවති තරඟය කඩුලු 6කින් ජය ගැනීමට කොල්කටා නයිට්රයිඩර් කණ්ඩායම ඊයේ සමත් වුණා.

පළමුව පන්දුවට පහර දුන් රාජස්ථාන් කණ්ඩායම පන්දු වාර 19ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 142ක් පමණයි.

තරඟයේ රාජස්තාන් කණ්ඩායම වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩා කළ JC Buttlerගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් ඇතුලත්.

JC Buttler එක් පන්දුවාරයකදී ලකුණු 28 ක් රැස්කිරීම කැපී පෙනුණා.

එම අවස්ථාව පහතින්.

rn
rn
එහිදී බොහෝදෙනෙකුගේ අවධානය යොමුවූ අවස්ථාවක් වූයේ IS Sodhi ගේ දැවී යාම වෙතයි.

එම අවස්ථාවේ IS Sodhi වෙත Prasidh Krishna යොමුකළ යෝකර් පන්දුව පිත්තේ වැදී ඔහුගේ පාදයේ වැදී කඩුලු රකින ක්‍රීඩක කාර්තික් රැකගත්තේ රාජස්තාන් කණ්ඩායමට කඩුල්ලක් අහිමි කරමින්.

එම අවස්ථාව පහතින්.

rn
rn
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොල්කටා කණ්ඩායම පන්දු වාර 18ක් තුළ ජයග්‍රාහී සීමාව පසු කර ගියේ කඩුලු 4ක් පමණක් දැවී තිබියදියි.

එහිදී තරඟයේ කොල්කටා ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිසි Narine ගේ ප්‍රවේගකාරී පිතිකරණය ක්‍රිකට් පිටිය සැණකෙළියක් කළා.

එම අවස්ථාව පහතින්.

rn
rn
තරඟයේ විශේෂ අවස්ථා පහතින්.

rn
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE