%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9A%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD+%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8F%E0%B7%80+%E0%B6%AF%E0%B7%93%E0%B6%BB%E0%B7%8A%E0%B6%9D+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B8%E0%B7%83+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93
Wednesday, 16 May 2018 - 14:22
ක්‍රිකට් තේරීම් කමිටු කාල සීමාව දීර්ඝ කිරීමට කමිටුවක් පත් කිරීම මේ මස අවසානයේදී
3,629

Views
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ කාල සීමාව දීර්ඝ කිරීම හෝ නව කමිටුවක් පත් කිරීම මේ මාසය අවසානයේදී ක්‍රීඩා අමාත්‍යවරයා විසින් සිදුකරනු ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග ප්‍රකාශ කළා.

ග්‍රැහැම් ලැබ්රෝයිගේ ප්‍රධානත්වයෙන් යුත් ක්‍රිකට් තේරීම් කමිටුවේ වසරක සේවා කාලය ඊයේ අවසන් වූ අතර මේ අනුවයි නව තේරීම් කමිටුවක් පත් කළ යුත්තේ.

කෙසේ වෙතත්, ජාතික කණ්ඩායමේ සහ අනෙක් කණ්ඩායම්වල ඉදිරි තරඟ සංචාර සඳහා ක්‍රීඩකයන් තෝරා ගැනීමේ කටයුතු තේරීම් කමිටුව විසින් ඊයේ දිනයෙන් සිදුකර අවසන් කර තිබෙනවා.

ලබන මාසයේ බංග්ලාදේශය සමඟ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සහභාගි වන තරඟාවලියට ක්‍රීඩකයින් තෝරා ගැනීමද මේ වනවිට සිදු කර අවසන් බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරීයෙකු සඳහන් කළේ.

කෙසේ වෙතත් ක්‍රීඩා අමාත්‍යාංශය විසින් නව ක්‍රිකට්‌ තේරීම් කමිටුවක්‌ පත්කර එවන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයට ඉකුත් අප්‍රේල් මස ලිඛිතව දන්වා ඇති අතර ඒ අනුව සාමාජිකයන් කිහිප දෙනකුගේම නම් මේ වන විට යෝජනා වී තිබෙනවා.

කෙසේ වෙතත් පත්කරන නව තේරීම් කමිටුව 2019 ලෝක කුසලාන කණ්‌ඩායම නම් කිරීමේ කටයුත්ත ද සිදුකරනු ලබනවා.

යෝජනා වී ඇති නව ක්‍රිකට්‌ තේරීම් කමිටුවේ සභාපති ධුරය සඳහා බ්‍රෙන්ඩන් කුරුප්පු සහ දුලිප් මෙන්ඩිස්‌ගේ නම් යෝජනා වී තිබුණද දුලිප් මෙන්ඩිස්‌ මේ වන විට ඕමානයේ පුහුණුකරු ලෙස කටයුතු කරනු කරනවා.

දුලිප් මෙන්ඩිස්‌ට තේරීම් කමිටු සභාපති ධුරයට අමතරව ශ්‍රී ලංකා කණ්‌ඩායමේ කළමණාකරු ලෙස පත්කිරීමටද සාකච්ඡා වී ඇතැයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

මීට අමතරව රන්ජිත් මධුරසිංහ, ඉන්දික ද සේරම්, එරික්‌ උපශාන්ත සහ චමින්ද මෙන්ඩිස්‌ යන හිටපු ක්‍රිකට්‌ ක්‍රීඩකයන්ගේ නම්ද තේරීම් කමිටු සාමාජිකයන්ට යෝජනා වී තිබෙනවා.

ග්‍රැහැම් ලැබ්බ්‍රෝයිගේ සභාපතිත්වයෙන් ක්‍රියාත්මක වූ තේරීම් කමිටුවේ සෙසු සාමාජිකයන් වශයෙන් ගාමිණී වික්‍රමසිංහ, ජෙරී වවුටර්ස්‌, සජිත් ප්‍රනාන්දු සහ අසංක ගුරුසිංහ යන සාමාජිකයින් කටයුතු කරනු ලැබුවා.

මීට අමතරව පුහුණුකරු චන්දික හතුරුසිංහටද කණ්‌ඩායම නම් කිරීමෙන් පසුව අවසන් 11 දෙනා තේරීම සඳහා බලය පැවරී තිබෙනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE