%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85%E0%B6%B9%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BD%E0%B7%9C%E0%B7%80+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F+%E0%B6%B4%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%BB+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+%E0%B6%BB%E0%B7%90%E0%B6%9A%E0%B7%93%E0%B6%B8
Friday, 18 May 2018 - 10:02
අන්තර්ජාලය කළඹමින් ලොව පුරා පැතිර ගිය සුපිරි පන්දු රැකීම
230

Shares
27,646

Views
IPL තරඟාවලියේ පිටිය උණුසුම් කළ තවත් සුපිරි තරඟයකින් හයිද්‍රාබාද් කණ්ඩායම පරාජය කළ බැංගලෝර් කණ්ඩායම ලකුණු 14 ක් සුවිශේෂී ජයග්‍රහණයක් හිමිකරගත්තා.

මෙම තරඟයේ බොහෝදෙනෙකුගේ අවධානය යොමුවූයේ කණ්ඩායම් දෙකෙහිම හතරේ සීමාව ආසන්නයේ සිදුකළ සුපිරි ආරක්‍ෂිත පන්දු රැකීම වෙතයි.

එහිදී තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් බැංගලෝර් කණ්ඩායම කඩුලු 6 ක් දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 218ක්.

සුපිරි ඉනිමක් ගොඩනගමින් MM Ali සහ AB de Villiers එක්ව බැංගලෝර් කණ්ඩායම ඔසවා තැබුවා.

MM Ali පන්දු 34 කදී හයේ පහර 6 ක් සහ හතරේ පහර දෙකක් සමඟ රැස්කළ ලකුණු සංඛ්‍යාව 65ක්.

එක් හයේ පහරක් සහ හතරේ පහර 12 ක් සමඟ AB de Villiers පන්දු 39 කදී ලකුණු 69 ක් රැස්කරගත්තා.

මේ අතර ඔහුගේ ඉනිමේ එල්ලවූ එකම හයේ පහර දැවැන්ත හයේ පහරක් වූ අතර එය ක්‍රීඩාංගණයේ වහලයට ඉහළින් ඇදී ගියේ ක්‍රීඩාංගණයම සැණකෙළි බිමක් කරමින්.

එම දැවැන්ත හයේ පහර පහතින්.

rn
rn
මේ අතර හයිද්‍රාබාද් ක්‍රීඩක රෂීඩ් ගේ පන්දුවකට AB de Villiers එල්ලකළ දැවැන්ත පහරක් හතරේ සීමාව ආසන්නයේ සිට දවාන් විසින් එක් පාදයකින් රැකගත් ආකාරය බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වූවා.

එම අවස්ථාව පහතින්.

rn
rn

පසුව පිටියේ ස්ථාවර වූ C de Grandhomme ගේ දැවී යාමද බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වූයේ රෂීඩ් ගේ සුපිරි පන්දු රැකීම හේතුවෙන්.

එම අවස්ථාව පහතින්.

rn
rn

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ හයිද්‍රාබාද් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 3 ක් දැවී රැස්කරගත්තේ ලකුණු 203 ක් පමණයි.

KS Williamson සුපිරි ඉනිමක් ක්‍රීඩා කරමින් හයේ පහර 5 ක් සහ හතරේ පහර 7 ක් සමඟ ලකුණු 81 ක් රැස්කළද තරඟයේ ජයග්‍රහණයට එය ප්‍රමාණවත් වූයේ නෑ.

MK Pandey නොදැවී ලකුණු 62 ක් රැස්කළා.

මේ අතර එහිදී ක්‍රිකට් පිටිය උඩුයටිකුරු කළ සුපිරිතම පන්දු රැකීමක් වෙත ලෝකයේම අවධානය යොමුව තිබෙනවා.

AB de Villiers විසින් AD Hales දැවැන්ත පහරක් ගුවනේ පියඹා යමින් හතරේ සීමාවේදී පහසුවෙන් රැකගත් ආකාරය වෙතයි මෙලෙස ලෝකයේම අවධානය යොමුව ඇත්තේ.

ක්‍රිකට් විචාරකයන් පසුව ඔහු හැඳින්වූයේ Spiderman සහ Superman අතරට එක්වූ නවතම සුපිරි මිනිසා AB-MAN ලෙසයි.

එතරම් සුපිරි ලෙස AB-MAN රැකගත් එම උඩපන්දුව පහතින්.

rn
rn

තරඟයේ සම්පූර්ණ විශේෂ අවස්ථා පහතින්.

rn
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE