IPL+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+ICC+%E0%B6%BA%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
Friday, 18 May 2018 - 13:24
IPL ගැන ICC යට විශේෂ වාර්තාවක්
1,720

Views
ඉන්දියාව මත ප්‍රමාණය ඉක්මවා රඳා පැවැත්ම ක්‍රිකට් ක්‍රීඩාවේ අනන්‍යතාව ගොඩනැගීමට මෙන්ම එහි ප්‍රගතියට බාධාවක් වී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලන වාර්තාවක් මගින් අනාවරණ කර තිබෙනවා.

එම වාර්තාව සකස් කර ඇත්තේ අයි.සී.සී. ක්‍රමෝපාය ක්‍රියාකාරි කණ්ඩායම විසින්.

ක්‍රිකට් ක්‍රීඩාව ගෝලීයකරණයේදී ඉන්දියාව ඊට බාධාවක් වී ඇති ප්‍රධාන කරුණ ලෙස අදාළ වාර්තාව මගින් පෙන්වා දී තිබෙනවා.

විශේෂයෙන් අයි.පී.එල් තරඟාවලියට අනුකූළව ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ සටහන් සැකසීම සිදුවන බව දැන් ප්‍රසිද්ධ කරුණක්.

විස්සයි විස්ස තරඟ ක්‍රිකට් ක්‍රීඩාව ජනප්‍රිය කිරීමට අයි.පී.එල් ඉවහල් වුව ද ඒ හේතුවෙන් ගෝලීය ක්‍රිකට් ක්‍රීඩාවට ඉන්දියාව මත යැපීමට සිදුව ඇති බවයි මෙම වාර්තාවෙන් පෙන්වා දී ඇත්තේ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE