ක්‍රිකට් පිටියේදී ස්මාර්ට් අත් ඔරලෝසු පැළඳීමත් තහනම් වෙයි

Friday, 25 May 2018 - 16:20

%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%83%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A+%E0%B6%94%E0%B6%BB%E0%B6%BD%E0%B7%9D%E0%B7%83%E0%B7%94+%E0%B6%B4%E0%B7%90%E0%B7%85%E0%B6%B3%E0%B7%93%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ක්‍රිකට් පිටියේදී ස්මාර්ට් අත් ඔරලෝසු පැළඳ ක්‍රීඩා කිරීම ඇතුළු නීති තවත් දැඩි කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබෙනවා.

කවුන්සිලයේ දුෂණ මර්දන නිලධාරීන් එංගලන්තය සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයේදීම පකිස්ථාන ක්‍රීඩකයන්ට ඒ පිළිබඳ අවවාද කර ඇති බවයි ක්‍රිකට් පුවත් සේවා සඳහන් කළේ.

ඒ පකිස්ථාන ක්‍රීඩකයන් කිහිප දෙනෙකු ස්මාර්ට් අත් ඔරලෝසු පැළඳ ක්‍රීඩා කිරීම හේතුවෙන්.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නීති රීතිවලට අනුව තරග දිනවලදී පිටියට පිවිසෙන විට සියලු ක්‍රීඩකයන් සිය ජංගම දුරකථන මෙන්ම අන්තර්ජාලයට සම්බන්ධ විය හැකි සියලු විද්‍යුත් උපකරණ ක්‍රිකට් කවුන්සිලයේ දුෂණ මර්දන නිලධාරීන්ට ලබාදිය යුතු වනවා.

කෙසේවෙතත් ඊයේ පැවති තරගයේදී පකිස්ථාන ක්‍රීඩකයන් එම නීතිය උල්ලංඝණය කර ඇති බවයි වාර්තා වන්නේ.

ක්‍රිකට් තරග ආශ්‍රිතව සිදුවන තරග පාවාදීම් ඇතුලු අක්‍රමිකතා වැලැක්වීමේ අරමුණ සහිතවයි ජංගම දුරකථන ද ඇතුලුව විද්‍යුත් උපකරණ පිටියට රැගෙන යාම තහනම් කිරීමට පියවර ගැනුනේ.

ඒ අනුව පිටියට පිවිසෙන විට ක්‍රීඩකයන් ඒවා නිලධාරීන්ට ලබාදිය යුතු අතර යළි ක්‍රීඩාගාරයට පැමිණි වහාම ඔවුන්ට අදාළ උපකරණ යළි ලබාගත හැකියි.