IPL අවසන් සටනට හයිද්‍රාබාදයට පාර කැපූ සුපිරි තරුව ගැන ලෝක පූජිත ක්‍රීඩකයා තැබූ අපූරු සටහන

Saturday, 26 May 2018 - 12:51

IPL+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%A7%E0%B6%B1%E0%B6%A7+%E0%B7%84%E0%B6%BA%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B6%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB+%E0%B6%9A%E0%B7%90%E0%B6%B4%E0%B7%96+%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%B4%E0%B7%96%E0%B6%A2%E0%B7%92%E0%B6%AD+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%96+%E0%B6%85%E0%B6%B4%E0%B7%96%E0%B6%BB%E0%B7%94+%E0%B7%83%E0%B6%A7%E0%B7%84%E0%B6%B1
2018 ඉන්දීය ප්‍රිමිය ලීග් තරඟාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලබන්නට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ඊයේ (25) සමත් වුණා.

ඒ තියුණු තරඟයකින් අනතුරුව කොල්කටා නයිට් රයිඩස් කණ්ඩයම ලකුණු 14කින් පරාජය කරමින්.

ඒ අනුව හෙට (27) පැවැත්වෙන අවසන් මහා තරඟයේදී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමඟ හයිද්‍රාබාද් කණ්ඩායම තරඟ වැදීමට නියමිතයි.

ඊයේ තරඟයේදී හයිද්‍රාබාද් කණ්ඩායමේ ජයග්‍රහණයට වැඩි දායකත්වයක් සපයමින් තරඟයේ වීරයා බවට පත් වුණේ හයිද්‍රාබාද් කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක රෂිඩ් ඛාන්.

තුන් ඉරියව්වෙන්ම දක්ෂතා දැක්වීමට සමත්ව ඇති රෂිඩ් ඛාන් මේ වන විට මෙවර අයි.පි.එල් තරඟාවලියේ දී වැඩිම කඩුලු ලාභීන් අතර දෙවන ස්ථානයේ පසුවන්නේ කඩුලු 21ක් බිඳහෙලමින්.

ඊයේ තරඟයේදී රෂිඩ් ඛාන් කොල්කටා කඩුලු 03ක් දවාගැනීමට සමත්වන අතර හයිද්‍රාබාද් ඉනිමේ අවසානයේ පන්දු 10ක් තුල වේගවත් ලකුණු 34ක් රැස් කරන්නේ හයේ පහර පහර 04ක් සහ හතරේ පහර 02ක් සමඟින්.

මේ අතර ඊයේ තරඟයෙන් අනතුරුව ඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචින් ටෙන්ඩුල්කාර් රෂිඩ් ඛාන් පිළිබඳව සිය ට්විටර් ගිණුමේ විශේෂ සටහනක් තබනවා.

මුම්බායි ඉන්දියස් කණ්ඩායමේ උපදේශකයෙකු ලෙස කටයුතු කරන සචින් එහිදී පවසන්නේ ලොව සිටින හොඳම විස්සයි විස්ස පන්දු යවන්නා රෂිඩ් ඛාන් බවයි.

ඇෆ්ගනිස්ථානය නියෝජනය කරන වයස අවුරුදු 19ක් වන මෙම ක්‍රීඩකයා මේ වන විට බිඳ හෙලා ඇති ජාත්‍යන්තර පන්දුවාර 20 කඩුලු සංඛ්‍යාව 47ක්.

සචින් ටෙන්ඩුල්කාර් තැබූ ට්විටර් සටහන.

\"\"

rnrn\r\n