%E0%B6%86%E0%B6%A2%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8F%E0%B7%80+%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9C%E0%B6%92%E0%B7%82%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+16+%E0%B6%A7
Friday, 22 June 2018 - 7:29
ආජන්ටිනාව පරාජය කළ ක්‍රොඒෂියාව 16 ට
45

Shares
5,434

Views
පාපන්දු පිටිය උණුසුම් කළ සුපිරි තරඟයක් ඊයේ පැවැත්වුනේ ආජන්ටිනා කණ්ඩායම සහ ක්‍රොඒෂියා කණ්ඩායම අතරයි.

එහිදී සුපිරි ක්‍රීඩක මෙසීගේ නායකත්වයෙන් පිටියට පිවිසි ප්‍රබල ආජන්ටිනා කණ්ඩායම දරුණු පරාජයක් අත්කරදුන් ක්‍රොඒෂියාව තරඟයේ ජය හිමිකරගත්තේ 3ට 0ක් ලෙසින්.

එම ජයග්‍රහණයත් සමඟ ක්‍රොඒෂියා කණ්ඩායම සුපිරි 16 දෙනාගේ වටයට පිවිසීමට සුදුසුකම් ලබාගැනීමත් විශේෂත්වයක්.

තරඟයේ ප්‍රථම ගෝලය ක්‍රොඒෂියාව ලබාගත් ආකාරය වෙත බොහෝදෙනෙකුගේ අවධානය යොමුවූවා.

ඒ ආජන්ටිනා කණ්ඩායමේ ආරක්ෂක ක්‍රීඩකයෙකු විසින් එම කණ්ඩායමේ දැල් රකින්නා වෙත පිරිනැමූ පන්දුවට නැවත එල්ලකළ පහරට හරස් වූ ක්‍රොඒෂියා ප්‍රහාරකයා Ante Rebić විසින් කෙලින්ම එය හරවා දැල තුලට එල්ලකළ පහර හේතුවෙන්.

එම අවස්ථාව ඇතුළු ආජන්ටිනා කණ්ඩායම සහ ක්‍රොඒෂියාව අතර පැවති තරඟයේ විශේෂ අවස්ථා පහතින්.

rn
rn

මේ අතර ඊයේ තවත් තරඟයක් පැවැත්වුනේ ප්‍රංශ කණ්ඩායම සහ පේරු රාජ්‍යය අතරයි.

එහිදී තරඟය 1 ට 0 ක් ලෙස ජය හිමිකරගත්තේ ප්‍රංශයයි.

එම තරඟයේ විශේෂ අවස්ථා පහතින්.

rn
rn

ඊයේ පැවති පළමු තරඟය 1ට 1 ක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් වූවා.

ඩෙන්මාර්කය සහ ඔස්ට්‍රේලියාව අතර පැවති එම තරඟයේ විශේෂ අවස්ථා පහතින්.

rn
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE