%E0%B6%AD%E0%B7%92%E0%B7%83%E0%B6%BB%2C+%E0%B6%AF%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%89%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92+20-20+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%9C%E0%B6%BB+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%9A%2C+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%82%E0%B6%9C%E0%B6%A7+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B6%9C%E0%B6%9A%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
Friday, 29 June 2018 - 19:15
තිසර, දසුන් සහ ඉසුරුට සුපිරි 20-20 තරඟාවලියකට ශ්‍රී ලංකාවෙන් දොර වැසේ, මාලිංගට නායකත්වයේ වගකීමක්
136

Shares
16,341

Views
කැනඩාවේ පැවැත්වෙන ග්ලෝබල් විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියට ක්‍රීඩා කිරීමට නියමිතව සිටි ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වන තිසර පෙරේරා, දසුන් ශානක සහ ඉසුරු උදානට එම තරඟාවලියට සහභාගිවීමට අවස්ථා ලබා නොදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඊට හේතුවී ඇත්තේ ජාතික කණ්ඩායම එක්වන තරඟාවලි සදහා ඔවුන් සුදානම කිරීමේ අරමුණෙන් බවයි වාර්තා වන්නේ.

ඔවුන් තිදෙනා මොන්ට්‍රියල් ටයිගර්ස් කණ්ඩායමට ක්‍රීඩා කිරීමට් නියමිතව සිටියා.

කෙසේ වෙතත් ලසිත් මාලිංගට එම තරඟාවලියට එක්වීම සදහා ක්‍රිකට් ආයතනය අවසර දී තිබෙනවා.

මොන්ට්‍රියල් ටයිගර්ස් කණ්ඩායමේ නායකත්වය හිමිව ඇත්තේ ලසිත් මාලිංගටයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE