ලෝක පාපන්දු කිරුළේ අයිතිය ප්‍රංශය තමන් සතුකර ගනී

Sunday, 15 July 2018 - 22:29

%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B7%85%E0%B7%9A+%E0%B6%85%E0%B6%BA%E0%B7%92%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%82%E0%B7%81%E0%B6%BA+%E0%B6%AD%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%AD%E0%B7%94%E0%B6%9A%E0%B6%BB+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
ඉතිහාසයේ දෙවනවරටත් ලෝක පාපන්දු කිරුළේ ගෞරවය තමන් සතු කරගන්නට ප්‍රංශය සමත් වුණා.

ඒ, මෙවර තරගාවලියේ පෙරලිකාරයන් වූ ක්‍රොඒෂියාව ගෝල 4 – 2 ක් ලෙස පරාජය කරමින්.

රුසියාවේ මොස්කව් නුවර ලුශ්නිකි ක්‍රීඩාංගනය, ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය වෙනුවෙන් වර්ණවත් වුණා.

දෙවන වරට පාපන්දු ලෝක කුසලානයක අයිතිය හිමි කර ගැනීමේ අරමුණින් ප්‍රංශ කණ්ඩායම පිටියට පිවිසුනේ සිය පලමු ලෝක කුසලාන අවසන් තරගයට එක්වූ ක්‍රොඒෂියාවට එරෙහිවයි.

18 වන මිනිත්තුවේදී ප්‍රංශයට නිදහස් පහරක් හිමි වූ අතර ඔන්ට්වොන් ග්‍රීස්මන් එල්ල කළ එම පහර ගෝලයක් බවට පත් වුණේ ක්‍රොඒෂියානු ක්‍රීඩකයෙකුගේ අත් වැරදීමක් හේතුවෙන්.

ලෝක කුසලාන පාපන්දු අවසන් තරගයකදී ක්‍රීඩකයෙකු තමන්ගේම ගෝලය තුලට පන්දුවක් එල්ල කළ පළමු අවස්ථාව මෙයයි.

වැඩි කාලයක් ගත වීමට මත්තෙන් එංගලන්තයට එරෙහිව අවසන් පූර්ව තරගයේදී සිදු කළ අයුරින්ම ගෝල සම කරන්නට ඉවාන් පෙරිසිච් සමත් වුණා.

ඒ සිය වම් පාදයෙන් එල්ල කළ දර්ශනීය ප්‍රහාරයක් ආධාරයෙන්.

කෙසේ වෙතත් ප්‍රතිවාදී ගෝල සීමාව තුළ ක්‍රොඑශියානු ක්‍රීඩකයෙකුගේ අතේ පන්දුව වැදීම හේතුවෙන් ප්‍රංශයට දඬුවම් පහරක් හිමි වූ අතර ග්‍රීස්මන් එය නිවැරදිව ගෝලය තුලට එල්ල කරන්නට සමත් වුණා.

මේ අනුව පළමු අර්ධය අවසන් වන විට ගෝල 2 - 1 ක් ලෙස පෙරමුණ ගෙන සිටියේ ප්‍රංශ කණ්ඩායමයි.

දෙවන අර්ධය ආරම්භයේදී ක්‍රීඩාලෝලීන් කිහිපදෙනෙක් ක්‍රීඩාංගණයට කඩාවැදීම හේතුවෙන් තරගය මදකට නතර කරන්නටද විනිසුරුවරයාට සිදුවුණා.

ක්‍රොඒෂියානුවන් යළිත් ගෝල සම කරන්නට දැඩි උත්සහයක නිරත වුවත්, ඔවුන් සාර්ථක වුණේ නැහැ.

මේ අතර, කිසිවෙක් බලාපොරොත්තු නොවූ මොහොතක පෝල් පොග්බා ප්‍රංශය වෙනුවෙන් තෙවන ගෝලයත් වාර්තා කළේ ඔවුන්ගේ ලෝක කුසලාන බලාපොරොත්තු තවත් ඉහළ නංවමින්.

65 වන මිනිත්තුවේදී කිලියන් ම්බාපේ වාර්තා කළ මෙම ගෝලයත් සමග ප්‍රංශ කණ්ඩායම ලෝක කුසලානයේ අයිතිය වෙත තවත් පියවරක් ළගා වුණා.

ප්‍රංශ දැල් රකින්නාගේ අතපසුවීමකින් ප්‍රයෝජනගත් ක්‍රොඒෂියාව සිය දෙවන ගෝලය වාර්තා කළත්, ප්‍රංශයට අභියෝග කරන්නට එය ප්‍රමාණවත් වුණේ නැහැ.

මේ අනුව, ගෝල 4 – 2 ක් ලෙස තරගය අවසන් කරන්නට ප්‍රංශ ක්‍රීඩකයන් සමත් වුණේ සිය දෙවන ලෝක කුසලානයේ අයිතිය තහවුරු කරගනිමින්.

\r\n