ධනුෂ්ක ගුණතිලකගේ තරඟ තහනම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් අයතනයෙන් විශේෂ නිවේදනයක්

Sunday, 22 July 2018 - 22:21

%E0%B6%B0%E0%B6%B1%E0%B7%94%E0%B7%82%E0%B7%8A%E0%B6%9A+%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B6%AD%E0%B7%92%E0%B6%BD%E0%B6%9A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%85%E0%B6%BA%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ධනුෂ්ක ගුණතිලකගේ තරඟ තහනම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් අයතනයෙන් විශේෂ නිවේදනයක්

ක්‍රිකට් විනය නීති වලට අනුව රාත්‍රී 10වන විට නවාතැනට නොපැමිණීමද ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව විනය පියවර ගැනීමට හේතුවූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

ඔවුන් අද (22) පස්වරුවේ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ක්‍රීඩකයන්ගේ ආචාර ධර්ම කඩ කිරීමට අදාළව, පරීක්ෂණයකට යටත්ව ධනුෂ්ක ගුණතිලකට දකුණු අප්‍රිකාව සමඟ දෙවන ටෙස්ට් තරගයෙන් පසු මෙම තහනම ක්‍රියාත්මක වන බවයි.

දකුණු අප්‍රිකාව සමඟ දෙවන ටෙස්ට් තරඟය පැවැත්වෙන කාලසීමාවේදී ක්‍රීඩකයන් රාත්‍රී 10 වනවිට සිය හෝටල් කාමරයට පැමිණීම ක්‍රීඩක විනය නිතීරිතී අනුව අනිවාර්ය වනවා.

කෙසේ වෙතත් ධනුෂ්ක ඊයේ (21) රාත්‍රී 11 වන විටත් සිය කාමරයේ නොසිටි බවට කණ්ඩායම් කළමනාකරු දැනුම් දුන් බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ.

ඒ පිළිබඳව නිසි පරික්ෂණයක් පවත්වනතුරු ධනුෂ්කට තාවකාලික තහනමක් පැනවු බවයි ඈෂ්ලි ද සිල්වා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනය පිළිබද නිසි බලධාරියා ලෙස කටයුතු කරන ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් කමල් පද්මසිරි කියා සිටියේ ගුවන් තොටුපල පොලීසිය වෙත ලැබී ඇති පැමිණිල්ලක ධනුෂ්ක ගුණතිලකගේ නමද සඳහන් වන බවයි.

ඒ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය ගුවන් තොටුපල පොලීසියෙන් විමසීමක් කළ අතර එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ ධනුෂ්ක ගුණතිලකගේ මිතුරෙකු තමන්ට ලිංගික අතවර කළ බවට නෝර්වීජියානු තරුණියක් ඉදිරිපත් කළ මෙම පැමිණිල්ලේ සඳහන් වන බවයි.