ශ්‍රී ලංකා කාන්තා කබඩි කණ්ඩායම ඉන්දියාවට පරාජය වෙයි

Tuesday, 21 August 2018 - 21:38

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%9A%E0%B6%B6%E0%B6%A9%E0%B7%92+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%BA+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ඉන්දුනීසියාවේ පැවැත්වෙන 18 වන ආසියාතික ක්‍රීඩා උළෙලේ අද පැවති කාන්තා කබඩි තරඟයකින් ශ්‍රී ලංකා කාන්තා කබඩි පිළ ඉන්දියාව වෙතින් ලකුණු 38ට 12ක පරාජයක් ලැබුවා.

කෙසේ නමුත්, ඔවුන් ඊයේ දිනයේදී ඉන්දුනීසියාව සහ ජපානය පරාජය කිරීමට සමත් වූ අතර, පළමු දිනයේ තායිලන්තය සමඟ පැවති තරඟයෙන් පරාජයට පත්වුණා.

ශ්‍රී ලංකා පිරිමි කබඩි කණ්ඩායම අද පස්වරුවේ බංග්ලාදේශය සමඟ පැවති තරගයෙන් 29 ට 25 ක් ලෙස පරාජයට පත්වූයේ තියුණු අභියෝගයක් එල්ල කරමින්.

ඔවුන් පළමු දිනයේදී ඉන්දියාව වෙතින් පරාජයට පත්වුවද, තායිලන්තය පැරදවීමට සමත් වුණා.

ශ්‍රී ලංකා පිරිමි කබඩි කණ්ඩායම බ්‍රහස්පතින්දා කොරියාව සමඟ තරඟ වැදීමට නියමිතයි.