%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%86%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%9C%E0%B6%BB+%E0%B6%87%E0%B6%BB%E0%B7%9A
Tuesday, 11 September 2018 - 9:34
ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩකයෙකුට ආසියානු කුසලානයේ දොර ඇරේ
24

Shares
2,966

Views
ලබන 15 වනදා ආරම්භවන ආසියානු කුසලාන එක්දින තරඟාවලියට නම්කර සිටි දිනේෂ් චන්දිමාල්ට එම තරඟාවලිය අහිමිවීමත් සමඟ නිරෝෂන් දික්වැල්ල ශ්‍රී ලංකා එක්දින සංචිතයට කැඳවා තිබෙනවා.

ඒ අනුව කඩුල්ල පිටුපස වගකීම නිරෝෂන් දික්වැල්ල වෙත පැවරෙනු ඇති.

නිමාවූ අන්තර් පළාත් පන්දුවාර 20 තරඟාවලිය අතර තුර චන්දිමාල්ගේ ඇඟිල්ලක ඇතිවූ අබාධයක් හේතුවෙන් ඔහුට මෙම තරඟාවලිය අහිමිවී යනවා.

ආසියානු කුසලාන තරඟාවලිය වෙනුවෙන් ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නම් කළා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE