%E0%B6%86%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A
Friday, 14 September 2018 - 13:54
ආසියානු කුසලාන තරඟාවලියට ශ්‍රී ලංකාව සූදානමින්
1

Shares
232

Views
එක්දින තරඟවලදී සිය සුපුරුදු දස්කම් දැක්වීමට ශ්‍රී ලංකා පිල මෙවර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේදී උත්සාහයක නිරත වනු ඇති බව ක්‍රීඩා විචාරකයන් පෙන්වා දෙනවා.

2017 වසරේ ආරම්භයේ සිට ශ්‍රී ලංකාව එක්දින තරඟා වලදී කුසලතා පෙන්නුම් කිරීමට අපොහොසත් වූ අතර, සහභාගි වූ තරඟ 39 කින් ජයග්‍රහණය කළේ 10 කින් පමණයි.

එම කාලය තුළ නායක ඇන්ජලෝ මැතිව්ස් ඇතුළු ක්‍රීඩකයින් කිහිපදෙනෙකුම කායික ආබාධවලට ලක්වීම ද කණ්ඩායමේ පසුබැස්මට හේතුවුණා.

එහෙත්, මෙවර ආසියානු කුසලාන තරඟාවලිය සඳහා ඇන්ජලෝ මැතිව්ස් මෙන්ම වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ද එක්ව සිටිනවා.

දිනේෂ් චන්දිමාල් කායික ආබාධයකට ලක්වීම නිසා කණ්ඩායමට එක්නොවුව ද, නිරෝෂන් දික්වැල්ල සුපුරුදු පිති ප්‍රහාරයේ නිරත වුවහොත් එම අඩුව මකා ගත හැකිවනු ඇති බව ක්‍රීඩා විචාරකයන්ගේ අදහසයි.

එමෙන්ම, අකිල ධනංජයගේ දඟ පන්දු යැවීම ද එක්සත් අරාබි එමීරයේ පැවැත්වෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේදී ශ්‍රී ලංකාවේ සාර්ථකත්වයට තීරණාත්මකව බලපානු ඇති.

ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය හෙට ඩුබායිහිදී ආරම්භ වන්නේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරඟායෙන්.  

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE