%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B8+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%92+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%2C+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A%E0%B6%BA%E0%B6%B8+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1+%E0%B6%8A%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E0%B6%A8+%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+%E0%B6%BA%E0%B7%90%E0%B7%80%E0%B7%93%E0%B6%B8
Sunday, 16 September 2018 - 14:58
ලැබුණු පළමු තරඟයෙන්ම සියල්ලන්ට නිසි පිළිතුරු දුන්, ලෝකයම කතාවෙන ඊයේ තරඟයේ මාලිගේ විශිෂ්ඨ පන්දු යැවීම
10

Shares
1,247

Views
ආසියානු කුසලාන තරඟාවලියේ ඊයේ (15) පැවති පළමු තරඟයෙන් බංග්ලාදේශ කණ්ඩායම හමුවේ අනපේක්ෂිත පරාජයකට මුහුණදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවුණා.

ශ්‍රී ලංකාව පරදා බංග්ලාදේශ කණ්ඩායම මෙම තරඟය ජයගත්තේ ලකුණු 137කින්.

ආසියානු කුසලාන තරඟාවලියක ශ්‍රී ලංකා කණ්ඩායම තරඟයක් පරාජයට පත්වූ වැඩිම ලකුණු ලකුණු සංඛ්‍යාවද වන්නේ මෙයයි.මේ අතර බංග්ලාදේශ

කණ්ඩායම බංග්ලාදේශයෙන් පිට තරඟයක් ජයග්‍රහණය කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසට මෙය වාර්තා අතරට එක්වනවා.

වසරක පමණ කාලයකින් අනතුරුව නැවත ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ස්ථානයක් හිමිවූ ලසිත් මාලිංගගේ පන්දු යැවීම පිළිබඳව මේ වනවිට බොහෝ දෙනෙකුගේ කතාබහට ලක්ව තිබෙනවා.

ඊයේ තරඟයේදී පන්දුවාර 10ක් යවමින් ලකුණු 23කට කඩුලු 04ක් දවා ගැනීමට මාලිංග සමත් වුණා.

ආසියානු කුසලාන තරඟ 13කට ක්‍රීඩා කර ඇති මාලිංග එහිදී බිඳ දමා ඇති කඩුලු සංඛ්‍යාව 28ක්.

ලසිත් මාලිංග ඊයේ තරඟයේදී කඩුලු දවාගත් අයුරු සහ තරඟයේ විශේෂ අවස්ථා පහතින්..


rn
rnrnrnrnrnrnrnrnrnrnrn
 
rnrnrnrnrnrnrnrnrnrnrn
 
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE