ශ්‍රී ලංකාව ආසියානු කුසලානයෙන් නින්දා සහගත පරාජයන් ලබද්දී, තේරීම් කමිටු සභාපතිවරයා වෙනත් රාජකාරියක

Saturday, 22 September 2018 - 15:13

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%86%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8F+%E0%B7%83%E0%B7%84%E0%B6%9C%E0%B6%AD+%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BD%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%2C+%E0%B6%AD%E0%B7%9A%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A
ආසියානු කුසලාන එක්දින තරඟාවලියේ ශ්‍රී ලංකාව තමන් සහභාගී වූ පළමු තරඟ දෙකෙන්ම පරාජය වී මුලික වටයෙන්ම තරඟාවලියෙන් ඉවත් වීමට සිදුවීම පිළිබඳව මේ දින වල සමාජයේ දැඩි සේ කතාබහට ලක්වන මාතෘකාවක් බවට පත්ව තිබෙනවා.

මෙම තරඟාවලියේ බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායම් හමුවේ ලද අවමන් සහගත පරාජයන් හමුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වැටි ඇති දරුණු තත්වය පිළිබදව නැවතවරක් සිතා බැලීමට කාලය උදා වී ඇති බවයි බොහෝ දෙනෙකුගේ මතය වී ඇත්තේ.

මෙවැනි තත්වයක් මත ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ග්‍රැහැම් ලැබ්රෝයි, ඉන්දීය කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර මේ දිනවල පැවැත්වෙන තරඟාවලියේ තරඟ තීරකවරයෙක් ලෙස කටයුතු කිරීමද විශේෂත්වයක්.

ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු කුසලානයට සහභාගී වී සිටි කාල වකවානුව තුලදී ද ග්‍රැහැම් ලැබ්රෝයි මෙලෙස ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවති එක්දින තරඟාවලියේ සහ විස්සයි විස්ස තරඟාවලියේ තරඟ තීරකයෙකු ලෙස කටයුතු කරනු ලැබුවා.

ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානියාගේ ප්‍රධාන රාජකාරිය වන්නේ ජාතික කණ්ඩායම සහ පළමු පෙළ ක්‍රීඩාව පිළිබදව දැඩි අවධානයකින් සිටීමයි.

එවැනි තත්ත්වයක් තුල තේරීම් කමිටු සභාපතිවරයා මෙලෙස එක්වර රැකියා දෙකක් කිරීම පිළිබඳව ක්‍රිකට් ක්ෂේත්‍රයේ දැඩි සේ කතාබහක් මතුව තිබෙනවා.

ශ්‍රී ලංකාව ආසියානු කුසලාන තරඟාවලියේ සහභාගී වූ පළමු තරඟය සැප්තැම්බර් 15 වනදා පැවැත්වූ අතර දෙවන තරඟය පැවැත්වුනේ සැප්තැම්බර් 17 වනදායි.

කෙසේ වෙතත් මෙවැනි තත්ත්වකදී ඉන්දීය සහ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම් අතර සැප්තැම්බර් 13 වනදා පැවති දෙවන එක්දින තරඟයේ සහ  
සැප්තැම්බර් 16 පැවැත්වූ තෙවන එක්දින තරඟයේ තරඟ තීරකවරයා වශයෙන් කටයුතු කළේ ශ්‍රී  ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ග්‍රැහැම් ලැබ්රෝයි.

කෙසේ වෙතත් ඉන්දීය සහ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම් අතර අද (22) පැවැත්වෙන තුන්වන පන්දුවාර 20 තරඟයේ සහ පළමු විස්සයි විස්ස තරඟ දෙකේදී ද තරඟ තීරකවරයා වශයෙන් ග්‍රැහැම් ලැබ්රෝයි කටයුතු කරනු ලබනවා.

ඒ අනුව ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම ආසියානු කුසලානය තරඟාවලියට සහභාගී වීමට පෙර, ආසියානු කුසලානය තරඟාවලියට සහභාගී වී සිටියදී සහ ආසියානු තරඟාවලියෙන් ඉවත්වීමෙන් පසුවත් තේරීම් කමිටු සභාපතිවරයා කටයුතුකර ඇත්තේ සිය ප්‍රධාන රාජකාරිය අමතක කරමින් කාන්තා තරඟයන් හී තරඟ තීරකවරයෙකු ලෙසයි.