වොලිබෝල් පරාජයක් ගැන විශේෂ වාර්තාවක් කැඳවයි

Saturday, 22 September 2018 - 19:25

%E0%B7%80%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B6%B6%E0%B7%9D%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B6%BA%E0%B7%92
ආසියානු අභියෝග ශූරතා පිරිමි වොලිබෝල් තරගාවලියේ මූලික තරග වටයේදී ශ්‍රී ලංකාව එක්සත් අරාබි එමීර් රාජ්‍ය හමුවේ පරාජය වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වොලිබෝල් සංගමයේ සභාපති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විශේෂ වාර්තාවක් කැදවා තිබෙනවා.

ඒ වොලිබෝල් සංගමයේ ලේකම්වරයාගෙන්. ප්‍රධාන ක්‍රීඩකයන් සිටියදී කනිෂ්ඨ ක්‍රීඩකයන් කණ්ඩායමට ඇතුළත් කිරීම සහ ක්‍රීඩකයන් ආබාධිත තත්ත්වයෙන් පසුවීම වැනි කරුණු පිළිබදව අදාළ වාර්තාව කැදවා ඇති අතර, එය ඉතා කඩිනමින් ලබාදෙන ලෙසයි ඔහු නියෝග කර ඇත්තේ.

බංග්ලාදේශය පරාජය කරමින් මෙම තරඟාවලියේ තුන් වන ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.

මෙවර ප්‍රථමවරට ශ්‍රී ලංකාවේ පැවති ආසියානු පිරිමි වොලිබෝල් අභියෝග ශූරතා කුසලානය ජයග්‍රහණය කිරීමට ඉරාකය, ඊයේ සමත්වුණේ සෞදි අරාබිය පරාජයට පත් කරමින්.