ආසියානු කුසලානයේ තවත් තරඟයක් අද

Tuesday, 25 September 2018 - 13:49

%E0%B6%86%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF
ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සුපිරි කණ්ඩායම් හතරේ තවත් තරගයක් අද පැවැත්වෙනවා.

ඒ, දැනටමත් තරඟාවලියේ අවසන් තරඟය සඳහා සුදුසුකම් ලබා සිටින ඉන්දියාව සහ ඇෆ්ගනිස්ථානය අතරයි.

අද තරඟයේ ප්‍රතිඵලය කුමක් වුවත් ඉන්දියාව සමඟ සිකුරාදා පැවැත්වෙන අවසන් මහ තරඟයේ ඉන්දීය පිලේ පිළිමලුන් තීරණය කෙරෙන්නේ පාකිස්ථානය සහ බංග්ලාදේශය අතර හෙට පැවැත්වෙන තරගයෙන්.

මේ අතර මෙවර ආසියානු කුසලාන තරඟාවලියට සහභාගිවන ඇෆ්ගනිස්ථාන පිලේ කඩුලු රකින ක්‍රීඩක මොහොමඩ් ෂාසාඩ් වෙත ඔට්ටු තබන්නන් පිවිසීම පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයට පැමිණිල්ලක් ඉදිරිපත්ව තිබෙනවා.

ඇෆ්ගනිස්ථාන ප්‍රිමියලීග් විස්සයි විස්ස තරඟාවලියේදී නිසි දස්කම් නොදක්වා සිටීමට ඔහු වෙත මුදල් පිරීනැමීමට ඔට්ටු තබන්නන් සූදානම් වී ඇති අතර, ෂාසාඩ් ඒ පිළිබඳව සිය කණ්ඩායම් කළමනාකාරීත්වයට දන්වා ඇති බව සඳහන්.

ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයට ඒ පිළිබඳව පැමිණිලි කර ඇත්තේ ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ කළමනාකාරීත්වය විසින්.