%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF+%E0%B6%AF%E0%B6%B9%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A%E0%B6%AF%E0%B7%93
Wednesday, 10 October 2018 - 8:11
පළමු තරඟය අද දඹුල්ලේදී
39

Shares
4,745

Views
සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා අතර තරග 5 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය දිවා රාත්‍රි තරගයක් ලෙස අද පැවැත්වෙනවා.

පළමු තරඟය පැවැත්වෙන දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයට ඇද හැලුණු දැඩි වර්ෂාපතනය හේතුවෙන් ක්‍රීඩාංගණය සම්පූර්ණයෙන් ආවරණය කර තිබුණා.

ඒ හේතුවෙන් කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයින්ටද ඊයේ දිනයේදී පුහුණුවීම් කටයුතුවල නිරතවීමට හැකිවුණේ නැහැ.

මේ අතර අද තරඟයට බොහෝදුරට එක්විය හැකි බවට අනුමාන කළ කණ්ඩායම් විදෙස් මාධ්‍ය මෙලෙස වාර්තා කර තිබුනා.

England (possible):

1 Jason Roy
2 Jonny Bairstow
3 Joe Root
4 Eoin Morgan (capt)
5 Ben Stokes
6 Jos Buttler (wk)
7 Moeen Ali
8 Chris Woakes
9 Adil Rashid
10 Tom Curran
11 Mark Wood

Sri Lanka (possible):

1 Upul Tharanga
2 Niroshan Dickwella (wk)
3 Kusal Perera
4 Dinesh Chandimal (capt)
5 Dhananjaya de Silva
6 Dasun Shanaka
7 Thisara Perera
8 Akila Dananjaya
9 Lakshan Sandakan
10 Dushmantha Chameera
11 Lasith Malinga


දීර්ඝ තරගාවලි සංචාරයකට එක්ව සිටින එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාව සමග සිය පළමු අභියෝගයට මුහුණදීම සදහා හෙට දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනයට පිවිසෙන්නේ දෙරට අතර පළමු එක්දින තරඟයට සහභාගී වීම සදහායි.

මෙම කණ්ඩායම් දෙක දඹුල්ලේදී මුණ ගැසෙන්නේ වසර 11කට පසුවයි.

අවසන් වරට 2007 වසරේ පැවති එම තරගය කඩුලු 2කින් ජය ගන්නට එංගලන්ත කණ්ඩායම සමත්වුනා.

කෙසේ නමුත් මේ දිනවල මෙරටට බලපා තිබෙන වැසි සහිත කාලගුණය හෙට තරගයට අයහපත් ආකාරයෙන් බලපානු ඇති බවයි අප වාර්තාකරු සදහන් කලේ.

අදත් ක්‍රීඩාංගනය සම්පුර්ණයෙන්ම ආවරණය කර තිබෙනු දක්නට ලැබුනා.

විටින් විට දඹුල්ලට ඇද හැලෙන වර්ෂාව නිසා දෙපිලේම ක්‍රීඩකයින්ට නිසි පරිදි පුහුණුවීම් සිදු කිරීමට පවා හැකිවුණේ නැහැ.

එකදිගට ලද පරාජයන් ගොන්නකින් හෙම්බත්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට අළු ගසා යලි නැගිට සිටීමට නම් ඔවුන් මෙම තරගාවලියේදී දැනෙන යමක් කල යුතුම වනවා.

- දිනේෂ් චන්දිමාල්

- අපිට අවශ්‍ය හොදම එකොළහ අපි දන්නවා.නමුත් මේ කාලගුණ තත්වයත් එක්කල හරියටම කියන්න අමාරුයි මේක තමයි හෙට සෙල්ලම් කරන කණ්ඩායම කියන එක.පිතිකරණය සහ පන්දු යැවීම අපි කාටවත් පාලනය කරන්න බෑ එදා දවසේ දක්ෂතාවය.නමුත් අපිට ෆිල්ඩින්ග් වලට අවහම අපේ ඇටිටියුඩ් එක අපේ එනර්ජි එක ඒක පාලනය කරන්න පුළුවන්. ඉතින් ඒක තමයි අපි හදුනාගත්ත එක දෙයක් අපිට වැරදුන තැනක් වන්ඩේ ක්‍රිකට් වල.පහුගිය දවස් වල පුහුණුවීම් කළා.පුහුණුවීම් වල සාර්ථකත්වය අපිට හෙට පැවැත්වෙන තරගයේ සිටන් තරගාවලියේම ගන්න පුළුවන් වෙයි.මේ තරගාවලිය ජයග්‍රහණය කරන්න පුළුවන් නම් මේක අපිට ලෝක කුසලානයට යද්දී ලොකු හැරවුම් ලක්ෂයක් වේවි.ඒක තමයි  ක්‍රීඩකයන් සියලු දෙනාගේම බලාපොරොත්තුව.

එංගලන්තය ජගත් එක්දින ක්‍රිකට් කණ්ඩායම් වර්ගීකරණයේ පළමු තැන පසුවන අතර ශ්‍රී ලංකාව එම වර්ගීකරණයේ අටවන ස්ථානයේ පසුවනවා.

දෙරට අතර පළමු එක්දින තරගය හෙට මෙරට වේලාවෙන් පස්වරු 2.30ට ආරම්භවීමට නියමිතයි.

rnrnrn
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE