%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BD%E0%B7%92%E0%B6%82%E0%B6%9C%E0%B7%92%E0%B6%9A+%E0%B6%85%E0%B6%B4%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F
Sunday, 14 October 2018 - 8:58
ඉන්දීය ක්‍රිකට් ප්‍රධානියාටත් ලිංගික අපචාර චෝදනා
1

Shares
175

Views
සුප්‍රකට පුද්ගලයන් වෙතින් අතීතයේ සිදුවූ ලිංගික අපචාර සිද්ධීන් කරළියට පැමිණි බටහිර ලෝකයේ ‘‘මී - ටූ’’ ව්‍යාපාරය ඉන්දියාවටත් දැන් පැතිරී තිබෙනවා.

එවැනි නවතම චෝදනාව එල්ලවන්නේ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරී රාහුල් ජෝරිටයි.

ලොව වඩාත්ම ධනවත් ක්‍රිකට් පාලක මණ්ඩලය ලෙස සැළකෙන ඉන්දීය ක්‍රිකට් ආයතනයේ ප්‍රධානියා තමාට නිවසේදී අතවරයක් කළ බවට චෝදනා කර ඇත්තේ නම හෙළිදරව් නොකළ කාන්තාවක විසින්.

ඒ පිළිබඳ සාක්ෂි ඉදිරිපත් නොවූවද ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ කටයුතු අධීක්ෂණය කරන කමිටුව ජෝරිගෙන් ඉල්ලා සිටියේ සිද්ධිය පිළිබඳව කරුණු දැක්වීමක් සිදුකරන ලෙසටයි.

එමෙන්ම බොලිවුඩ් නළුවන් වන නානා පටේකාර් සහ ෂාජිත් ඛාන්ට සිනමා නිළියන් වෙතින් ලිංගික අපචාර චෝදනා එල්ලවීමත් සමඟ ඔවුන් ප්‍රධාන චරිත රඟපාන හවුස් ෆුල් ෆෝ චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු අත්හිටුවා ඇති බව වාර්තාවනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE