තුන්වන එක්දින තරඟ අද

Wednesday, 17 October 2018 - 8:17

%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B6%B1+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F+%E0%B6%85%E0%B6%AF
සංචාරක එංගලන්ත කණ්ඩයම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තුන්වන එක්දින තරඟය අද (17) පල්ලේකැලේ දී පැවැත්වෙනවා..

දෙරට අතර පැවති පළමු එක්දිඅ තරඟ වර්ෂාව හේතුවෙන් අතහැර දැමූ අතර දෙවන එක්දින තරඟය ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ජයගන්නට එංගලන්තය සමත් වුණා.

අද තරඟයේදී පළමු පන්දුවාර 10 තුලදී කඩුලු ලබානොදී ලකුණු රැස්කිරීම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුව ඇති බව තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක පවසනවා.

මහනුවර ඊයේ (16) පැවති  මාධ්‍ය හමුවකට එක්වෙමින් දසුන් ශානක මේ බව පවසා සිටියා.

ඔහු වැඩිදුරටත් පවසා සිටියේ මෙම තරඟයේ සිට කාණ්ඩායම තුල ස්ථාවර පිතිකරණ ලැයිස්තුවක් පවත්වාගෙන යාමට තීරණයකර ඇති බවයි.

මේ අතර අද තරඟය ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරු කුසල් ජනිත් පෙරේරා ට අහිමිවී යන බව ක්‍රිකට් ආරංචි මාර්ග පවසනවා.

කුසල් ජනිත් වෙනුවට අද තරඟයට සධීර සමරවික්‍රම කණ්ඩායමට එක්කර ගනු ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර එංගලන්ත කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ලියම් ඩෝසන්ටද ආබාධයක් හේතුවෙන් අද තරඟය අහිමි වී යන බවට ක්‍රිකට් ආරංචි මාර්ග පවසනවා.

මේ අතර අද තරඟයට බොහෝදුරට එක්විය හැකි බවට දැක්වෙන කණ්ඩායම් විදෙස් මාධ්‍ය මෙලෙස වාර්තා කළා.

Sri Lanka :

1 Upul Tharanga,
2 Niroshan Dickwella (wk),
3 Sadeera Samarawickrama,
4 Dinesh Chandimal (capt),
5 Dhananjaya de Silva,
6 Dasun Shanaka,
7 Thisara Perera,
8 Akila Dananjaya,
9 Lakshan Sandakan,
10 Lasith Malinga,
11 Nuwan Pradeep


England :

1 Jason Roy,
2 Jonny Bairstow,
3 Joe Root,
4 Eoin Morgan (capt),
5 Ben Stokes,
6 Jos Buttler (wk),
7 Moeen Ali,
8 Chris Woakes,
9 Sam Curran/Tom Curran,
10 Adil Rashid,
11 Olly Stone