ලොවක් කතා කරන අද සිදුවූ හදිසි දැවීයාම

Thursday, 18 October 2018 - 18:12

%E0%B6%BD%E0%B7%9C%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B6%85%E0%B6%AF+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B7%84%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%92+%E0%B6%AF%E0%B7%90%E0%B7%80%E0%B7%93%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8
ලොවක් කතා කරන අද සිදුවූ හදිසි දැවීයාම
ලොවක් කතා කරන අද සිදුවූ හදිසි දැවීයාම
ලොවම විවේචනය කරන දුවද්දී දැවී යාම

පකිස්ථාන- ඕස්ට්‍රේලියා දෙවන ටෙස්ට් තරඟය මේ දිනවල එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවරදී පැවැත්වෙන අතර තරඟයේ තුන්වන දිනය අදයි.

අද දිනයේදී පකිස්ථාන සුපිරි පිතිකරු අසාර් අලි ලකුණු 64කට දුවද්දී වී ගියා.

මේ දවාගැනීම පිළිබඳව ලෝකයේම අවදානය යොමු වී ඇති අතර එලෙස දැවී යාම පිළිබඳව අසාර් අලිට සමාජ මාධ්‍ය හරහා දැඩි විවේචන එල්ල වෙමින් පවතිනවා.

තරඟයේ 52වෙනි පන්දුවාරයේදී පීටර් සිඩ්ල්ගේ පන්දුවකට අසාර් අලි තර්ඩ් මෑන් කලාපය හරහා පහරක් එල්ල කල අතර එම පහර සෙමින් තතරේ සීමාව දෙසට ගමන් කරමින් පන්දුව හතරේ සීමාව සනිටුවහන් කරන ලණුව අසල නවතින අතර පන්දුව හතරේ සීමාව පසු කරන්නේ නැහැ.

නමුත් අසාර් අලි සහ අනෙක් අන්තයේ පන්දුවට පහරදෙමින් සිටි අසාද් සෆික් එය හතරේ පහරක් යයි සිතා තණතීරුව මැද සාකච්ඡාවක නිරත වෙමින් සිටි අතර හතරේ සීමාව ආසන්නයේ නතර වී තිබු පන්දුව ලබාගත් මිට්චෙල් ස්ටාර්ක් පන්දුව කඩුලු රකින්නට ලබාදුන් අතර ඔහු කඩුල්ල බිඳ හෙලීමත් සමග අලිට පිටියෙන් ඉවත්වන්නට සිදුවුණා.

මෙලෙස දැවී යාම පිළිබඳව අසාර් අලිට දසතින් විවේචන එල්ල වෙමින් පවතිනවා.

එම දැවී යාම පහතින්.

rnrnrn\r\n