ලොවක් ඉදිරියේ රටේ නම බැබළ වූ පාරමී ලංකාවට ඇවිත් ලෝකෙටම ඇහෙන්න කියපු කතාව

Saturday, 20 October 2018 - 13:02

%E0%B6%BD%E0%B7%9C%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BB%E0%B6%A7%E0%B7%9A+%E0%B6%B1%E0%B6%B8+%E0%B6%B6%E0%B7%90%E0%B6%B6%E0%B7%85+%E0%B7%80%E0%B7%96+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%87%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A%E0%B7%99%E0%B6%A7%E0%B6%B8+%E0%B6%87%E0%B7%84%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%B4%E0%B7%94+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80
ආර්ජන්ටිනාවේ, බුවනෝස් - අයර්ස් නුවර පැවති යොවුන් ඔලිම්පික් උළෙලේ දී මීටර් 2000 බාධක දිවීමේ ඉසව්වේදී ලෝකඩ පදක්කමක් හිමි කර ගත්තේ පාරමී වසන්ති මාරිස්ටෙලා ප්‍රනාන්දු අද (20) මෙරටට පැමිණියා.

ඇයව පිළිගැනීම සඳහා ඔලිම්පික් පදක්කම් ලාභී සුසන්තිකා ජයසිංහ සහ ක්‍රීඩා අමාත්‍යාශ බලධාරීන් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටි බවයි අප වාර්තාකරු පැවසුවේ.

යොවුන් ඔලිම්පික් උළෙලකදී ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවක් මෙලෙස පදක්කමක් ජයග්‍රහණය කළේ ප්‍රථම වතාවටයි.