\"ක්‍රිකට් පිටියෙන් ඈත්ව විවේක ගන්න\" - ආපු වේගයටත් වඩා වැඩි වේගයකින් ආපසු ක්‍රීඩාගාරයට යන කුසල් මෙන්ඩිස්ට අමුතුම යෝජනාවක්

Saturday, 20 October 2018 - 14:56

%5C%22%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%88%E0%B6%AD%E0%B7%8A%E0%B7%80+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%9A+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%5C%22+-+%E0%B6%86%E0%B6%B4%E0%B7%94+%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B6%BA%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B6%A9%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%86%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BA%E0%B6%B1+%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%A7+%E0%B6%85%E0%B6%B8%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%B8+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක එංගලන්ත කණ්ඩායම අතර සිව්වන එක්දින තරඟය මේ වන විට පල්ලේකැලේ ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා.

කාසිය වාසිය  දිනූ එංගලන්ත නායකයාගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුල කඩුලු 07කට ලකුණු 273ක් රැස් කළා.

අද තරඟයේදීත් ශ්‍රී ලංකා කණ්ඩායම් මුල්පෙළ පිතිකරු කුසල් මෙන්ඩිස්ගේ අසාර්ථක වීම කැපී පෙනනෙන සිදුවීමක් බවට පත් වූණා.

පිතිකරණ ලැයිස්තුවේ නොම්බර 04 ස්ථානයේ පිටියට පැමිණි කුසල් මෙන්ඩිස් පන්දු 14කට මුහුණ දෙමින් රැස්කළේ ලකුණු 05ක් පමණයි.

තවත් දක්ෂ ක්‍රීඩකයින් සිටියදී දිගින් දිගටම අසාර්ථක වන කුසල් මෙන්ඩිස්ට තවමත් කණ්ඩායමේ ස්ථානයක් ලබා දීම සම්බන්ධයෙන් මේ වන විට බොහෝ දෙනෙකු අතර කතාබහට ලක්ව ඇති මාතෘකාවක්.

කෙසේ වෙතත් අද තරඟයේදී කුසල් මෙන්ඩිස් දැවීයාමෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන සිය නිල ට්විටර් ගිණුමට සටහනක් එක්කරමින් පවසා තිබුනේ, මේ වනවිට යොවුන් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් හට කෙටි කාලයකට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් ඈත්ව විවේකයක් අවශ්‍යව ඇති බවයි.

ඔහු දක්ෂ ක්‍රීඩකයෙක් බවත් මෙවැනි අමාරු කාලයක් ඕනෑම අයෙකුට පැමිණෙනු ඇති බව මහේල එහිදී වැඩිදුරටත් පවසා තිබුනා.


\"\"