එංගලන්ත පිළිතුරු ඉනිමට වර්ෂාවෙන් බාධා

Saturday, 20 October 2018 - 16:01

%E0%B6%91%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%89%E0%B6%B1%E0%B7%92%E0%B6%B8%E0%B6%A7+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F
එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන හතරවන එක්දින තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවී තිබෙනවා.

ලකුණු 274 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යන එංගලන්තය තරගය තාවකාලිකව අත්හිටුවන විට පන්දුවාර 27 ක් අවසානයේ කඩුලු 2 ක් දැවී ලකුණු 132 ක් ලබා සිටියා.

ජෝ රූට් ලකුණු 32 ක් සහ ඔවින් මෝගන් ලකුණු 31 ක් ලබා පන්දුවට පහරදෙමින් සිටිනවා.

ජේසන් රෝයි ලකුණු 45 ක් ලබා සිටියදී අකිල ධනංජයගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවීමෙන් දැවී ගියා.

ඇලෙක්ස් හේල්ස් දැවී ගියේ ස්ටම්ප් කිරීමකට හසුවීමෙන්.

කාසියේ වාසිය දිනු එංගලන්තයේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 273 ක් ලබා ගත්තා.

වර්ෂාව හේතුවෙන් තරගය තාවකාලිකව අත්හිටුවන විට ඩක්වත් ලුවිස් න්‍යායට අනුව එංගලන්ත කණ්ඩායමට ජයග්‍රහණය හිමිවී තිබෙනවා.

පන්දුවාර 27 ක් වන විට ඔවුන් ජයග්‍රහණය සඳහා ලබා ගත යුතුව ඇත්තේ ලකුණු 114 ක් වුව ද ඔවුන් මේ වන විට ලකුණු 132 ක් ලබාගෙන එම ඉලක්කයට වඩා ලකුණු
18 ක් ඉදිරියෙන් පසුවනවා.