වසර 20කට පසු ශ්‍රී ලංකා මුල්පෙළ පිතිකරුවන් සිව්දෙනා එක්ව අලුත් කළ වාර්තාව

Wednesday, 24 October 2018 - 10:37

%E0%B7%80%E0%B7%83%E0%B6%BB+20%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B7%99%E0%B7%85+%E0%B6%B4%E0%B7%92%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%80+%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80
ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවති එක්දින තරඟාවලිය නිමා වුනේ එංගලන්ත කණ්ඩායම ශූරතාව හිමිකර ගනිමින්.

කෙසේ වුවත් දෙරට අතර ඊයේ (23) පැවති අවසන් එක්දින තරඟය අවසන් වුනේ සිය ක්‍රිකට් ඉතිහාසයේ දරුණුතම එක්දින තරඟ පරාජයට එංගලන්ත කණ්ඩායම මුහුණ දෙමින්.

දෙරට අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවති අවසන් එක්දින තරඟය ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ශ්‍රී ලංකාව ජයගත්තේ ලකුණු 219කින්.

අවසන් තරඟයේදී ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ පිතිකරණ රටාව පිළිබඳව මෙහිදී බොහෝ දෙනෙකුගේ පැසසුමට ලක්වුණා.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුල කඩුලු 06ක් දැවී ලකුණු 366ක් ලබාගත්තා.

ඊයේ තරඟයේදී නිරෝෂන් දික්වැල්ල ලකුණු 95ක්, සධීර සමරවික්‍රම ලකුණු 54ක්, නායක දිනේෂ් චන්දිමාල් ලකුණු 80ක් සහ කලකට පසු සාර්ථක වූ කුසල් මෙන්ඩිස් ලකුණු 56ක් රැස්කරමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව ශක්තිමත් කළා.

මේ අනුව එකම එක්දින තරඟයේදී ශ්‍රී ලංකා පිළ මුල්පෙළ පිතිකරුවන් සිව්දෙනා අර්ධ ශතකයන් වාර්තා කළේ වසර 20කට පසු වීම විශේෂත්වයක්.

ශ්‍රී ලංකා මුල් පෙළ පිතිකරුවන් සිව්දෙනා අවසන් වරට එකම තරඟයේදී අර්ධ ශතකයන් වාර්තා කර තිබුණේ 1998 වසරේදීයි.

මෙය ශ්‍රී ලංකාව එංගලන්ත කණ්ඩායමකට එරෙහිව එක්දින පිටියේ රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ද වනවා.